PHIවරු ජනතාවගෙන් කළ ආයාචනය

රට තුළ පවතින කොවිඩ් තත්ත්වය පාලනය කරගැනීම සඳහා සඳුදා සිට ස්වයං විනයක් සහිතව ස්වයං සංචරණ සීමා පනවා ගැනීමක් සිදුකරන ලෙස ජනතාවගෙන් ආයාචනය කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ මින් ඉදිරියට සංචරණ සීමා පැනවීම සම්බන්ධයෙන් රජයට බලකිරීම් සිදු නොකරන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උපුල් රෝහණ මහතා,

“දින කිහිපයක් දෛනිකව රෝගීන් 3,000 ඉක්මවලා වාර්තා වෙනවා. මරණ 150 ඉක්මවලා වාර්තා වෙනවා. ඉදිරි දින කිහිපයේදී මේ තත්ත්වය ඉතාම ඉහළ යයි. ඇත්තටම ඊයේ දිනයේ නව සංචරණ සීමා පැනවීමක් නෑ. ඒ නිසා අපි මින් ඉදිරියට රට තුළ සංචරණ සීමා පැනවීම හෝ එවැනි තීරණ ගන්න රජයට බලකරන්නේ නෑ. අපි රටවැසියන්ගෙන් ආයාචනා කරන්නේ නිවෙස්වලට අවශ්‍ය බඩු බාහිරාදිය රැස්කරගෙන නිවෙස්වලට වී සිටින්න කියලයි. ලබන සඳුදා දිනයේ සිට අපි මේ රට ස්වයං විනයක් ඇතුව ස්වයං සංචරණ සීමා පනවාගෙන මේ රටෙන් මේ රෝගය තුරන් කිරීම සඳහා වගකීමෙන් කටයුතු කරමු. බලධරීන්ට කියන්නේ සීත කාමරවලින් එළියට ඇවිත් මියයන මිනිස්සු සහ රෝගීවන අය නිසා දුක්වෙන මිනිස්සු ගැන අවබෝධයෙන් ඉදිරියට තීරණ ගන්නවා නම් රට ලස්සන වෙයි කියලා.”

  1. ඔබ තුමා ගැන පලමුවෙන් මා සතුටු වෙන්නෙමු. මේ පවතින තත්වය හමුවේ ජන ජීවිත නිරෝගිව බේරා ගැනීමට දක්වන වෑයම වෙනුවෙන් මා රට වැසියන් හා මාගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් මව් බිමේ උපන් පුද්ගලයෙකු හැටියට ප්‍රනාමය පුද කර සිටිමි. ඔබ තුමා වෙනුවෙන් රට වෙනුවෙන් ශක්තියක් වීමට මා බලාපොරොත්තු වෙමි. ඔබ තුමාටත් පවුලේ සියලුම දෙනාටත් සම්මා සම්බුදු සරණයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14