spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

PHIවරු ජනතාවගෙන් කළ ආයාචනය

රට තුළ පවතින කොවිඩ් තත්ත්වය පාලනය කරගැනීම සඳහා සඳුදා සිට ස්වයං විනයක් සහිතව ස්වයං සංචරණ සීමා පනවා ගැනීමක් සිදුකරන ලෙස ජනතාවගෙන් ආයාචනය කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ මින් ඉදිරියට සංචරණ සීමා පැනවීම සම්බන්ධයෙන් රජයට බලකිරීම් සිදු නොකරන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උපුල් රෝහණ මහතා,

“දින කිහිපයක් දෛනිකව රෝගීන් 3,000 ඉක්මවලා වාර්තා වෙනවා. මරණ 150 ඉක්මවලා වාර්තා වෙනවා. ඉදිරි දින කිහිපයේදී මේ තත්ත්වය ඉතාම ඉහළ යයි. ඇත්තටම ඊයේ දිනයේ නව සංචරණ සීමා පැනවීමක් නෑ. ඒ නිසා අපි මින් ඉදිරියට රට තුළ සංචරණ සීමා පැනවීම හෝ එවැනි තීරණ ගන්න රජයට බලකරන්නේ නෑ. අපි රටවැසියන්ගෙන් ආයාචනා කරන්නේ නිවෙස්වලට අවශ්‍ය බඩු බාහිරාදිය රැස්කරගෙන නිවෙස්වලට වී සිටින්න කියලයි. ලබන සඳුදා දිනයේ සිට අපි මේ රට ස්වයං විනයක් ඇතුව ස්වයං සංචරණ සීමා පනවාගෙන මේ රටෙන් මේ රෝගය තුරන් කිරීම සඳහා වගකීමෙන් කටයුතු කරමු. බලධරීන්ට කියන්නේ සීත කාමරවලින් එළියට ඇවිත් මියයන මිනිස්සු සහ රෝගීවන අය නිසා දුක්වෙන මිනිස්සු ගැන අවබෝධයෙන් ඉදිරියට තීරණ ගන්නවා නම් රට ලස්සන වෙයි කියලා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?