PCR වාර්තාවක් රැගෙන ව්‍යාපාරිකයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

PCR පරීක්ෂණවල ප්‍රමිතිය සම්බන්ධයෙන් රාජගිරිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමත කර තිබෙන පෞද්ගලික රෝහල්වලින් සිදු කරනු ලබන PCR පරීක්ෂණවල ප්‍රමිතිය පිළිබඳව ගැටලුසහගත තත්ත්වයක් මතුවී තිබෙන හෙයින් ඒ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වන්නැයි එම අමාත්‍යංශයට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ය. 

පෙත්සම්කරු පවසන්නේ පසුගියදා තමන් ඩුබායි බලා පිටත්ව යාම සඳහා කටුනායක ගුවන් තොටුපොළට ගිය අවස්ථාවේ තමන්ට කොරෝනා වෛරසය ආසාදිත නොවන බවට තහවුරු කළ පෞද්ගලික රෝහලකින් ලබාගත් පී.සී.ආර් පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළ බවය.

එහෙත් විදේශගතවීමට ප්‍රථම කටුනායක ගුවන් තොටුපොළට අනුයුක්ත රසායනාගාරයේදී තමන්ව පී.සී.ආර් පරීක්ෂණයකට ලක් කෙරුණු අතර එම වාර්තාව මගින් තමා වෛරස ආසාදිතයෙකු බැවින් විදේශගතවීමට ඉඩ නුදුන් බව පෙත්සම්කරු පෙන්වා දී තිබුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14