PBKS හමුවේ RCB ට කඩුලු 05ක පරාජයක්

රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම කඩුලු 05කින් පරාජයට පත් කරන්නට ඊයේ (18) රාත්‍රියේ පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ පංජාබ්වරුන් පළමු ව පන්දු යැවීම තෝරාගත්තා.

තරගය ආරම්භයේ දී සිට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා දෙපිළටම හිමිවූයේ පන්දුවාර 14ක් පමණයි.

ඒ අනුව RCB පන්දුවාර 14දී කඩුලු 09ක් දැවී ලකුණු 95ක් ලබා ගැනීමට සමත් වුණා.

ටිම් ඩේවිඩ් නොදැවී ලකුණු 50ක් රැස් කළා.

රජට් පටිඩර් ලකුණු 23යි.

කඩුලු බිඳ දැමීමේ දී හර්ප්‍රීට් බ්‍රාර්, මාර්කො ජැන්සන්, අර්ෂඩීප් සින්ග් සහ චහල් කඩුලු දෙක බැගින් සහ සර්වියර් බාට්ලට් එක් කඩුල්ලක් බිඳ දැමුවා.

ජයග්‍රහණයට ලකුණු 96ක ඉලක්කයක් හඹා ගිය පන්ජාබ්වරුන් කඩුලු 05ක් දැවී ලකුණු 98ක් ලබා තරගය ජයගත්තා.

නෙහාල් වඩේරා නොදැවුණු ලකුණු 33ක් ලබා ගත්තා.

ජෝෂ් හේසල්වුඩ් කඩුලු තුනක් සහ භුවනේෂර් කුමාර් කඩුලු දෙකක් බිඳ දැමුවා.

මෙම ජයග්‍රහණයත් සමග පංජාබ්වරුන් ප්‍රසාද ලකුණු ලැයිස්තුවේ දෙවැනි තැනට ඒමට සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලු වැඩ කරන්න එපා ජනාධිපතිතුමා
13:57
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා - විදේශිකයන් බිය වී කෑගහයි
01:17
Video thumbnail
සිරිලිය ගිණුමෙන් ශිරන්ති මුදල් හොරකම් කළේ නෑ..අදටත් ඒ ගිණුමේ සුරක්ෂිතව මුදල තියෙනවා
06:20
Video thumbnail
ආණ්ඩුවේ ගොවි රැළියට ලාල් කාන්තවත් ආවේ නෑ.. ජෝඩුවම නෑ
05:00
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ FCID එකෙන් දැනුම්දීමක් තියෙද්දි විදේශ ගත වුණේ නෑ - මනෝජ් හෙළිකරයි
08:47
Video thumbnail
අතුරුදන් වුණා කිව්ව ඥානසාර හිමි උසාවියට - අපි පළා යන්නේ නෑ
01:06
Video thumbnail
මැච් බලන්න එන අයට ක්‍රිකට් බෝඩ් එකෙන් බොන්න දෙනවද..? ඉතිං අපේ රැස්වීමට ආපු අයට අපි බොන්න දුන්නෑ..
02:33
Video thumbnail
රනිල්ව හමුවෙන්න ආ අමුත්තා
02:00
Video thumbnail
ලංගම බස් රථයක ගැටුණු මෝටර් රථය - CCTV දර්ශන
00:46
Video thumbnail
50000ක් විතර මිනිස්සු අපේ රැළියට ආවා - මහින්දට එන්න විනාඩි 40ක් ගියා
01:44