NSBM හරිත සරසවියේ ඉදිරි පිම්මක් – ලංකා බැංකුවෙන් මිලියන 7000ක මූල්‍ය පහසුකමක්

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමඟ රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල් මිලියන හත්දහස් තුන්සියයක උපාය මාර්ගික ණය ගිවිසුමකට එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී මැයි 08 වනදා අත්සන් තැබුවා.

මෙම ගිවිසුම NSBM හරිත සරසවිය වෙනුවෙන් එහි උපකුලපති මහාචාර්ය ඊ.ඒ. වීරසිංහ සමගින් නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය චමින්ද රත්නායක, ලංකා බැංකුවේ කළමනාකරු සාමාන්‍යාධිකාරි රසල් ෆොන්සේකා ඉදිරියේ අත්සන් කෙරුණා.

හරිත සරසවිය ඉතා සාර්ථකව සිදුකළ අභ්‍යන්තර මෙහෙයුම් කළමනාකරණයෙන් උපයාගත් අතිරික්ත ලාභය යොදා දැනටමත් ආරම්භ කර තිබෙන දෙවැනි සංවර්ධන අදියර සපුරා ගැනීම මෙම ගිවිසුමට අත්සන් තැබීම මගින් බලාපොරොත්තු වනවා.

එමගින් විද්‍යා පීඨයේ ඉදිකිරීම් කටයුතු සපුරා නිමකොට, නවීන බහු ප්‍රයෝගී ශ්‍රවණ සංකීර්ණයද සෙසු පහසුකම්ද ජාත්‍යන්තර තලයට නංවාලනු ඇති.

මේ සංවර්ධනයේ ප්‍රතිලාභ දැනටමත් ප්‍රධාන පීඨ පහක් යටතේ හරිත සරසවියේ අධ්‍යාපනය ලබමින් සිටින 13,000ක සිසු පිරිස වෙනුවෙන් හිමිවනවා.

ශක්තිමත් මූල්‍ය පාලනය සහ දිගුකාලීන දැක්මක විශිෂ්ට භාවය පෙන්වා දුන් එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය වීරසිංහ සඳහන් සඳහන් කරමින් කියා සිටියේ,
‘‘අපේ NSBM හරිත සරසවිය ලංකා බැංකුව සමග පළමුවැනි අදියරය සඳහා වන රුපියල් බිලියන 8.6ක ණය ගිවිසුම එකඟ වූ පරිදිම නැවත ගෙවන්න අපි කටයුතු කළා. කොරෝනා අර්බුදය, ආර්ථික අර්බුදය ඇතුළු ඉතා සංකීර්ණ ආර්ථික තත්ත්ව වලට ලංකාව මුහුණ දුන්නත් කිසිදු ණය පැහැර හැරීමක් අපෙන් සිදුවුණේ නෑ. සංවර්ධන කටයුතු විධිමත් මූල්‍ය පාලනයක් සහිතව කරගෙන යන අපේ විශ්වවිද්‍යාලය ගැන ලංකා බැංකුව තැබූ විශ්වාසයට සහ නිරන්තරයෙන් ලබාදෙන මූල්‍ය සහයෝගය වෙනුවෙන් මම ස්තුති කිරීමට කැමතියි.’’

ලංකා බැංකුවේ මහා කළමනාකරු රසල් ෆොන්සේකා අදහස් දක්වමින් පැවසුවේ,
“NSBM හරිත සරසවියේ සංවර්ධනය වෙනුවෙන් සහාය දැක්වීමට ලැබීමත් අපට මහත් ආඩම්බරයක්. ලංකා බැංකුව ජාතියේ මහා බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික ප්‍රවර්ධනමය ව්‍යාපෘති සඳහා මූල්‍ය උපකාරය සැපයීමට කැපවී සිටිනවා. විශේෂයෙන්ම අධ්‍යාපනයේ උන්නතිය සඳහා අප කැපවී සිටිනවා.’’

2016 දී පිහිටුවන ලද NSBM හරිත සරසවිය දැනට 20,000 කට අධික උපාධිධාරීන් නිර්මාණය කර තිබෙනවා.

NSBM ජාතික විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය සහ පූර්ණ අධීක්ෂණය සහිතව දේශීය උපාධි පාඨමාලා සහ එක්සත් රාජධානියේ, ඔස්ට්‍රේලියාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ලොව පිළිගත් විශ්වවිද්‍යාලවලට අනුබද්ධිත උපාධි පාඨමාලා ශ්‍රී ලංකවෙදීම පිරිනමන ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාලයක්.

මෙම ණය ගිවිසුම අත්සන් කිරීම වෙනුවෙන් ලංකා බැංකුව නියෝජ්‍ය මහා කළමනාකරු (ආයතනික සහ අක්වෙරළ අංශය) සම්පත් පෙරේරා, සහකාර මහා කළමනාකරු (රාජ්‍ය ව්‍යවසාය සබඳතා අංශය), උත්පලා හේරත්රන්දෙණි සහ කණ්ඩායම සහභාගී වුණා.

NSBM හරිත සරසවිය වෙනුවෙන් අධ්‍යයන සංවර්ධන සහ තත්ත්ව ප්‍රමිතකරණ ප්‍රධානි මහාචාර්ය භාරත දොඩන්කොටුව, ව්‍යාපාර පීඨයේ පීඨාධිපති තිලිණි ද සිල්වා, මූල්‍ය ප්‍රධානි කෛලාශිනී තිරාණගම, ජ්‍යෙෂ්ඨ කළමනාකරු-උපායමාර්ගික සංවර්ධන සනුජි රණවක, අනෙකුත් පීඨාධිපතිවරු සහ විශ්වවිද්‍යාල නිලධාරීන් මෙම අවස්ථාවට එක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හෙල්මට්වත් දාන්නේ නැතුව තනි ඉරත් කපාගෙන බයික් එකේ යන හැටි - එකදිගට වැරදි තුනක්
00:39
Video thumbnail
අනුරට රටේ ජනපතිකම ලැබිලා තියෙන්නෙත් අතපසුවීමකින් - තිස්සකුට්ටි ආණ්ඩුවට සැරටම අමතයි
03:21
Video thumbnail
බඹර ප්‍රහා _ රයට ලක්වී සිසුන් 40ක් රෝහල් ගතකෙරේ - බඹරුන්ගෙන් බේරෙන්න ළමයි හතර අතේ දුවයි
01:39
Video thumbnail
තිස්සකුට්ටිගෙන් සජබයට රතු එළි - අපේ කටවල් අවුස්සගන්නේ නැතුව සාමකාමීව ඉන්න
02:08
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ අද උදෑසන තත්ත්වය - කන්න උයපු කෑමත් එක්කම අළුවෙලා තියෙන හැටි
02:06
Video thumbnail
ගුරුවරුන්ට කොකා පෙන්නන්න එන්න එපා - දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා අපි
05:02
Video thumbnail
ගසට ය#වූ මිනිස්සු එළියට ගත් මෙහෙයුම - "ගහ අයින් කරගන්න කියලා තිබ්බේ" මෙහි සංවේදී දර්ශන සහිතයි
01:36
Video thumbnail
ත්‍රීවීල් එකක් මතට ගසක් වැටී පාසල් සිසුවෙක් ඇතුළු තිදෙනෙක් එළොව යයි.."එළියට ගන්න බෑ..හි#රවෙලා"
02:16
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව
00:23
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර
00:57