NIRDC වෙත ලැබෙන ව්‍යාපෘති ඇගයීමට තාක්ෂණික කමිටු පිහිටුවීම අරඹයි

පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC) විසින් පසුගියදා අනුමත කරගත් කැබිනට් පත්‍රිකාවට අනුව, ඒ ඒ ව්‍යාපෘති සදහා තාක්ෂණ ඇගයීම් කමිටු පත් කිරීම මේ දිනවල සිදුවෙමින් පවතිනවා.

මෙම වර්ෂයේ පළමු කාර්තුව තුළදී පමණක් NIRDC වෙත රුපියල් බිලියන 02කට අධික වටිනාකමින් යුත් ව්‍යාපෘති ලැබී තිබෙනවා.

මෙම ව්‍යාපෘතිවල තාක්ෂණික ශක්‍යතාවය, විනිවිදභාවයකින් යුතුව ඇගයීමකට ලක් කිරීම මේ වන විට ආරඹා තිබෙනවා.

එහිදී, මින් පෙර අප රට තුළ ක්‍රියාත්මක වූ යල් පැනගිය හා දුර්වල ඇගයීම් ක්‍රියාවලින් වෙනුවට ලෝකයේ තාක්ෂණයෙන් දියුණු අනෙකුත් රටවල්ද භාවිත කරන ආකාරයේ විනිවිදභාවය සහ අපක්ෂපාතීත්වය යන මූලධර්ම මත පදනම් වූ නව ඇගයීම් ආකෘතියක් හඳුන්වා දීමටද කටයුතු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඒ. අනුව මෙම තාක්ෂණ ඇගයීම් කමිටු සඳහා අයදුම් කළ පිරිස වෙනුවෙන් පුහුණු සැසිවාර කිහිපයක්ද මේ වන විට ක්‍රියාත්මක කර ඇති අතර, මෙහිදී නව තාක්ෂණික ඇගයීම් ක්‍රියාවලිය පිළිබඳ මූලික අවබෝධයක් ඇගයුම්කරුවන්ට (Reviewers) ලබාදීමත්, එම ක්‍රියාවලියට අදාළ නීතිමය රාමුව පිළිබඳ දැනුවත් කිරීමත් සිදුවුණා.

මෙම පුහුණු සැසිවාර NIRDCහි නිර්මාතෘ හා විද්‍යා හා තාක්ෂණ පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරියගේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබුණා.

මේ මස 02,03 සහ 04 යන දිනවල පැවැත්වූ මෙම සැසි සදහා දේශීය සහ විදේශීය විද්වතුන් පිරිසක් සම්බන්ධ වූ අතර, NIRDCහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මුදිත ඩී. සෙනරත් යාපා ඇතුළු NIRDC කාර්ය මණ්ඩලය විසින් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09