spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විවාහක රූ රැජිණ තරගය බාල්දු කරමින් තරගයේ සිදු වු වරද

ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති 2021 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් තරගයේදී විශේෂ සිදුවිමක් සිදු වුණා. මෙම තරගයේදි ජයග්‍රහණය කළේ පුෂ්පිකා ද සිල්වා මහත්මියයි. තුන්වෙනියා දෙවැනියා පළමුවෙනියා ආදී ලෙස තරගකාරියන් නම් කර

මැය ජයග්‍රාහිකාව බවට ප්‍රකාශයට පත් කර පුෂ්පිකා ජයගත් බව නම් කරන ලද පසු ඇයට රාජපක්ෂ මහත්මිය ඔටුන්නද පළඳවනු ලැබූවා.

මේ අතර තුර මෙම සභාවේ කිසියම් අයෙකු කෑගසමින් පුෂ්පිකා ද සිල්වා මහත්මිය විවාහක වුවත් දැන් දික්කසාදවී සිටින්නියක බව ප්‍රකාශ කිරිමත් සමග එම අදහසට එකඟතාව පළකරමින් තරග තීරක ලෝක රූ රැජිනි කැරොලයින් ජූරි වේදිකාවට නැග ප්‍රකාශ කළේ ජයග්‍රාහිකාව වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය දික්කසාද වූ අයකු බවත් එබැවින් විවාහක රූ රැජින කිරුළ දිනා ගැනීමට සුදුසුකම් නොලබන බවත්ය.

ඇය ඉන්පසු තරඟකාරනී අංක 20, පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ ඒ අනුව ප්‍රසිද්ධියේ ගළවනු ලැබූ අතර ඇය ආසන්නයේම සිටි දෙවැනියාට කිරුළ පළඳවනු ලැබුවේ ඇයට මහත් ලජ්ජාවක් අත්කර දෙමින්.

පුෂ්පිකා සිය විවාහයෙන් දික්කසාද වී ඇත්තේ 2018 වසරේය. ජයග්‍රාහිකාව  නම් කරන අවසන් මොහොත වනතුරු තරග නීති රීති සම්බන්ධයෙන් විනිසුරු මණ්ඩලය තැකීමක් නොකිරීම ගැටලුකාරී තත්වයක් වන අතර මෙම තරගාවලියේ එම සිදුවිමේ වගකිම තරග සංවිධායකයින් බාරගතයුතු වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?