spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

Matt Henry වෙනුවට Jamieson කණ්ඩායමට

නවසීලන්ත එක්දින ක්‍රිකට් ලෝක කුසලාන සංචිතයේ සංශෝධනයක් සිදු කර තිබෙනවා.

ඒ දකුණත් (මද) වේග පන්දු යවන්නෙකු වන Kyle Jamieson කැඳවීමයි.

මෙම කැඳවීමත් දකුණත් (මද) වේග පන්දු යවන්නෙකු වන මැට් හෙන්රිට (Matt Henry ) සිය ස්ථානය අහිමි ව තිබෙනවා.

Kyle Jamieson ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසිනුයි අවසරය ලබා දී ඇත්තේ.

මෙම සංශෝධනයට බලපෑ ආසන්නතම හේතුව වී ඇත්තේ පසුගියදා දකුණු අප්‍රිකාවට එරෙහි ව පූනේ හි දී පැවති තරගයේ දී මැට් හෙන්රිට ආබාධයක් හේතුවෙන් දැවී යාමයි.

ඊට ආදේශකයක් ලෙසටයි ජේමිසන්ට කණ්ඩායමේ දොරටුව විවර ව ඇත්තේ.

ජේමිසන් මේ වනවිට එක්දින තරග 13කට ක්‍රීඩා කරමින්, කඩුලු 14ක් බිඳ දමා තිබෙනවා.

ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වන්නේ ලකුණු 45කට කඩුලු 03ක් බිඳ දැමීම යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?