spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

LPL විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචියට තිබූ අවසන් දිනය දීර්ඝ කෙරේ

2022 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය වෙනුවෙන් ‘විදේශීය ක්‍රීඩකයින්’ ලියාපදිංචි කිරීමේ අවසන් දිනය දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ලියාපදිංචිවීමේ අවසන් දිනය ලබන 28 වනදා දක්වා දීර්ඝ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

විදෙස් ක්‍රීඩකයින්ට ලියාපදිංචියවීම සඳහා අවසන් දිනය ලෙස මීට පෙර දැක්වුණේ ජුනි 23 වනදායි.

ක්‍රීඩකයින් සහ කණ්ඩායම් හිමිකරුවන්ගේ ඉල්ලීම් කිහිපයකට අනුව මෙම තීරණය ගත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනේ.

විදේශීය ක්‍රීඩකයින් International Ruby, International Sapphire, International Diamond A, B, සහ International Platinum වැනි කාණ්ඩ කිහිපයක් යටතේ ලියාපදිංචිවීම සිදුකරනවා.

2022 එල්.පී.එල් තරගාවලිය ජූලි 31 වැනිදා සිට අගෝස්තු 21 වැනිදා දක්වා පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?