LPL පළමු ක්‍රීඩක වෙන්දේසිය අද – වෙන්දේසියට ක්‍රීඩකයින් 360ක්

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ මංගල ක්‍රීඩක වෙන්දේසිය අද පැවැත්වෙනවා. ඒ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී යි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් 2023 අදියර සඳහා දෙස් විදෙස් ක්‍රීඩකයින් 360 දෙනෙකු වෙන්දේසිය සඳහා සුදසූකම් ලබා සිටිනවා.

2020 වසරේ ආරම්භ වූ ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩක වෙන්දේසියක් පවත්වනු ලබන පළමු තරගාවලිය ලෙසිනුයි මෙවර තරගාවලිය ඉතිහාස ගත වන්නේ.

ලංකා ප්‍රිමියර් ලීග් තරග ඉතිහාසයේ කණ්ඩායම්වලට ක්‍රීඩකයින් තෝරා ගැනීම මෙතෙක් ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ (Player Draft) ක්‍රමවේදය හරහා සිදුවූ අතර, ඒ වෙනුවට සිවුවැනි අදියරයේදී ක්‍රීඩකයින් තෝරා ගැනීම ක්‍රීඩක වෙන්දේසියක් හරහා සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබෙනවා.

ඉන්දීය ප්‍රීමියර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේදී පළමු වරට ක්‍රීඩක වෙන්දේසියකින් ක්‍රීඩකයින් තෝරා ගැනීම සිදුවූ අතර, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියක්‍රීඩක වෙන්දේසියකින් ක්‍රීඩක තෝරා ගැනීමක් සිදු කරන තෙවැනි ක්‍රිකට් ලීගය ලෙසින් ඉතිහාසයට එක් වනවා.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයින් 360ක් කාණ්ඩ දෙකකට වර්ග කර ඇති අතර, ඒ ඒ රටවල ජාතික කණ්ඩායම් නියෝජනය කළ හා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයින් වශයෙන් එම කාණ්ඩ දෙක වෙන් වනවා.

මෙවර තරගාවලියට විදේශීය ක්‍රීඩකයින් 156ක් ලියාපදිංචිවී සිටින අතර, දේශීය ක්‍රීඩකයින් 204ක් ද ලියාපදිංචි ක්‍රීඩක ලැයිස්තුවට ඇතුලත්.

LPL වෙන්දේසියේදී ක්‍රිකට් ලෝකයේ ප්‍රමුඛ පෙළේ කිහිප දෙනෙකු ද වනවා.

ඔස්ට්‍රේලියාවේ Chris Lynn, Jason Behrendorff, Andrew Tye, Cameron Bancroft, Billy Stanlake සහ Nathan Coulter-Nile, ඉන්දියාවේ සුරේෂ් රයිනා, නවසීලන්තයේ Doug Bracewell, Martin Guptill, Colin De Grandhomme සහ Tim Seifert, පාකිස්තානයේ Imad Wask, Imad Wask, Iftikhar Ahmad, Sarfaraz Ahmed, Mohammad Hafeez සහ Yasir Shah යන ක්‍රීඩකයින් ඒ අතර වනවා.

දකුණු අප්‍රිකාවේ Duanne Olivier, Imran Tahir සහ Rassie Van Der Dussen සහ බටහිර ඉන්දීය ක්‍රීඩකයන් වන Andre Fletcher, Carlos Brathwaite, Evin Lewis, Johnson Charles, Lendl Simmons සහ Obed Mccoys ද වෙන්දේසි වන ක්‍රීඩකයින්ට අයත්.

වෙන්දේසිය පස්වරු 3ට ආරම්භ කෙරෙන අතර එය වෙන්දේසිය වට 51 කින් සමන්විතයි. දෙස් විදෙස් ක්‍රීඩකයින්ගේ බහුවිධ දක්ෂතා කෙරෙහි පූර්ණ අවධානය යොමුකරන බලයලත් කණ්ඩායම් පහේ කළමනාකාරීත්වය‍ අවම වශයෙන් ක්‍රීඩකයින් 16ක් තෝරා ගත යුතු වනවා.

ජැෆ්නා කිංග්ස්, ගෝල් ග්ලැඩියේටර්ස්, දඹුල්ල අවුරා, කැන්ඩි ෆෝල්කන්ස් සහ කලම්බු ස්ට්‍රයිකර්ස් මෙවර තරගාවලියේදී තරග වදින කණ්ඩායම් වන අතර, එම සෑම කණ්ඩායමකටම දැනටමත් විදේශීය ක්‍රීඩකයන් දෙදෙනෙකු කලින් අත්සන් කර ඇති බැවින්, තවත් විදේශීය ක්‍රීඩකයින් හතර දෙනෙක් මෙම වෙන්දේසියේදී තෝරා ගත යුතුයි.

එම සෑම කණ්ඩායමකටම වෙන්දේසියේදී වයස අවුරුදු 21න් පහළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු තෝරා ගැනීමේ අවස්ථාව ද පවතිනවා.

මෙවර තරගාවලියේදී තවත් කැපි පෙනෙන වෙනස්කම් කීපයක්ම සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ එක් එක් කණ්ඩායම් සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී මෙතෙක් වැය කරන ලද මුදල ඇමෙරිකානු ඩොලර් හයලක්ෂ පනස් දහසකින් (650,000) ඉහළ දැමීමයි.

අවසන් වසරවල සිදුකරන ලද ක්‍රීඩක කෙටුම්පත් කිරීමේදී කණ්ඩායමක් වෙනුවෙන් වෙන් කරන ලද උපරිම මුදල ඇමෙරිකානු ඩොලර් තුන් ලක්ෂ පනස් දහසක් (350,000) වන නමුත් මෙම වසරේදී එය ඇමෙරිකානු ඩොලර් මිලියනය (1,000,000) දක්වා වැඩි කර තිබෙනවා.

ක්‍රීඩක වෙන්දේසියට පෙර ක්‍රීඩකයින් සිවු දෙනෙකුට සෘජුව ගිවිසුම් ගත වීමේ ඒ ඒ කණ්ඩායම්වලට හිමිවන අතර ඒ සඳහා උපරිමය ඇමරිකානු ඩොලර් ලක්ෂ 5 ක් වැය කළ හැකියි.

ඉතිරි ඩොලර් ලක්ෂ 5 ක මුදල වෙන්දේසියේදී භාවිතා කිරීමට හැකියාව තිබෙනවා.

අයි.පී.ජී. සමූහය සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිව්වැනි වතාවටත් සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අධ්‍යක්ෂකවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික සමන්ත දොඩන්වෙල මහතා කටයුතු සංවිධානය කරනවා.

තරගාවලිය ජූලි මස 30 වැනිදා සිට කොළඹ ආර්. ප්‍රේමදාස හා පල්ලෙකැලේ ක්‍රීඩාංගණවල පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

තරගාවලියේ ශූරතාව දිනා ගනු ලබන කණ්ඩඩායමට ශ්‍රී ලංකා මුදලින් මිලියන 50ක් හා අනුශූරතාව වෙනුවෙන් මිලියන 25ක් පිරිනැමෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රතුගල නව ආදිවාසී නායක තනතුරට පුත් නිශාන්ත කුමාර ඇත්තන් පත් කළ හැටි..මෙයාට ශක්තියක් තියෙනවා
03:20
Video thumbnail
රතුගල ආදිවාසී නායකයා සැමගේ සෝසුසුම් මැද අවසන් කටයුතු වූ අයුරු..මහ සෙනඟක් ඇවිත්
07:11
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27
Video thumbnail
පසන් කස්තුරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..හිටපු ජනපති මහින්දට ජම්පරේ අදින්න වෙයිද ?
01:38