spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

LPL තරගාවලියේ කණ්ඩායමේ සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ දිනය ප්‍රකාශයට පත් කෙරේ

2022 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා වූ ක්‍රීඩකයින් තෝරා ගැනීම වන ක්‍රීඩක කෙටුම්පත් (Player draft) සඳහා වන දිනය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව ක්‍රීඩක කෙටුම්පත් ජුලි 05 වැනිදා එනම් අනිද්දා දිනයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය මාර්ග ගත ක්‍රමය ඔස්සේ පැවැත් වීමට නියමිත බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර මෙවර තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පතට පෙර ක්‍රීඩකයින් 05 දෙනෙකු පමණක් කණ්ඩායම තුළ රඳවා ගැනීමට කණ්ඩායම් සඳහා අවසර දී තිබෙනවා.

එලෙස රඳවා ගත හැකි ක්‍රීඩකයින් පස්දෙනා අතර සිටිය හැකි උපරිම විදේශීය ක්‍රීඩකයින් සංඛ්‍යාව දෙදෙනෙක් පමණක් බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව රඳවාගනු ලබන අනෙකුත් ක්‍රීඩකයින් තිදෙනා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විය යුතුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?