spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

LPL ජාත්‍යන්තරයට ගෙන යන විස්තර විචාරකයින් මෙන්න

2023 එල්.පී.එල්. විස්සයි විස්ස තරගාවලිය සඳහා සම්බන්ධවන විස්තර විචාරකයින් කවුරුන් ද යන්න වග මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ කටයුතු කරන විස්තර විචාරකයින් හයදෙනෙකු මෙවර එල්.පී.එල්. තරගාවලිය සඳහා එක්වන බවයි වාර්තා වන්නේ.

මෙරටින් බිහි වූ ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයින් දෙදෙනෙකු වන රසල් ආර්නල්ඩ් සහ රොෂාන් අබේසිංහ ද මෙවර තරගාවලියට සිය දායකත්වය ලබාදෙනවා.

එමෙන්ම නවසීලන්ත ජාතීක ස්කොට් ස්ටයිරිස්, පාකිස්ථාන ජාතික රමිස් රාජා, පාකිස්ථාන ජාතික ආමර් සොහයිල් සහ දකුණු අප්‍රිකානු ජාතික එච්.ඩී. ඇකර්මන් මෙවර තරගාවලිය වෙනුවන් එක්වනවා.

මීට අමතරව කාන්තා විස්තර විචාරකවරියක් ද මේවට තරගාවලියට සම්බන්ධ කරගෙන තිබීම විශේෂත්වයක්.

නවසීලන්ත ජාතික ෆ්‍රාන්සස් මැකේ, මෙවර තරගාවලිය වෙනුවෙන් කාන්තා විස්තර විචාරකවරියක් ලෙස එක්කරගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව 2023 එල්.පී.එල්. තරගවලියේ විස්තර විචාරය වෙනුවෙන් සම්බන්ධ වී සිටින සංඛ්‍යාව 07ක්.

01 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
4
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?