spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

LPL ක්‍රීඩක කෙටුම්පත හෙට පස්වරුවේ

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තුන්වන අදියරේ ක්‍රීඩක කෙටුම්පත (Player Draft) හෙට (05) පස්වරු 5.00ට පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා.

මෙවර ක්‍රීඩක කෙටුම්පත සඳහා විදේශීය ක්‍රීඩකයින් 180ක් සහ දේශීය ක්‍රීඩකයින් 173ක් සමඟින් සමස්ත ක්‍රීඩකයින් 353ක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

කෙටුම්පත වට 20කින් සමන්විත වන අතර, “International Ruby”, “International Sapphire”, “International Diamond A – B” සහ “International Platinum” ලෙස ක්‍රීඩක කාණ්ඩ කිහිපයක් ආවරණය කරනු ඇති.

දේශීය ක්‍රීඩකයින් 14 දෙනෙකු සහ විදේශීය ක්‍රීඩකයින් 06 දෙනෙකුගෙන් යුත් 20 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් සකසා ගැනීමට මෙවර කණ්ඩායම් සඳහා අවස්ථාව උදාවනවා.

මෙම තරඟාවලිය 2022 ජූලි 31 වන දින ආරම්භ වන අතර කොළඹ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී තරග පැවැත් වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?