spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

LNG බලාගාරයකට මුතුරාජවෙලින් අක්කර 10ක්

මුතුරාජවෙල පිහිටි ඉඩම් කොටසක් ලංකා විදුලිබල මණ්ඩලයට පවරා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අනුව මුතුරාජවෙල යුගදනවි බලාගාරයට යාබද අක්කර 10ක ඉඩම් කොටසක් මෙගාවොට් 300ක එල්.එන්.ජී. විදුලිබලාගාරයක් ඉදිකිරීමට නියමිත බවයි අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ආවරණය වුණේ.

ඒ සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී ඇති අතර එම ඉඩම් කොටස මිල දී ගැනීමට විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ද ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව රජයේ තක්සේරුකරු විසින් තක්සේරු කර ඇති එකී ඉඩම් කොටසේ වෙළෙඳපෙළ වටිනාකම අය කරගනිමින් එය ලංකා විදුලිබල මණ්ඩලය වෙත බැහැර කිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා විසින් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?