KDU බස් අනතුරින් මිය ගිය සිසුවියන්ගේ අවසන් කටයුතු අද

බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ අඹගස්ඔය ප්‍රදේශයේ පෙරේදා සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ විශ්ව විද්‍යාල සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද (03) දිනයේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.

මොවුන්ගේ අවසන් කටයුතු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පූර්ණ අනුග්‍රහය යටතේ සිදුකිරීමට නියමිතයි.

මෙම බස් අනතුරින් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වුණේ නිවිතිගල, තොලබුගමුව, පහළ කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි ඉසුරි උමයංගනා සහ කුරුණෑගල, හුණුපොලගෙදර, අඹකොටේ ප්‍රදේශයේ පදිංචිව සිටි පුබුදි හෙට්ටිමුල්ල නැමැති සිසුවියන් දෙදෙනෙක්.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථය පෙරේදා (01) උදෑසන බස් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුරට ලක්ව තිබුණා.

එම අවස්ථාවේ දී එහි රියදුරා ඇතුළු 42 දෙනෙක් සිටි බවයි තොරතුරු වාර්තා වූණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13