Josh Hull හට ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර මංගල ටෙස්ට් වරම්

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගය සඳහා එංගලන්තය වෙනුවෙන් නව ආදේශකයක් නම් කර තිබෙනවා.

ඒ අනුව එංගලන්ත ටෙස්ට් කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් ශ්‍රී ලංකාවට එරෙහිව හෙට (06) දිනයේ දී දිනාගනු ලබන්නේ 20 හැවිරිදි යොවුන් ක්‍රීඩක ජොෂ් හුල් (Joshua Owen Hull) විසින්.

උසින් අඩි 06කුත් අඟල් 07ක් වන මොහු වමත් වේග පන්දු යවන්නෙක්.

හුල් ආදේශ කර ඇත්තේ මැතිව්ස් පොට් වෙනුවෙන් බවයි වාර්තා වන්නේ.

හෙට දෙරට අතර තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වන්නේ ඕවල් ක්‍රීඩාංගණයේ දීයි.

මේ වනවිට එංගලන්ත කණ්ඩායම තරග 03කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තරග 2-0ක් ලෙස ජයගෙන තරගාවලියේ ශූරතාව ද ලබා ඉදිරියෙන් සිටිනවා.

ජෝෂ් හුල් යනු එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් වෙනුවෙන් ක්‍රීඩා කළ දක්ෂ ක්‍රීඩකයෙකු වන අතර ඔහු
Leicestershire ප්‍රාන්ත ශූරතා තරඟ 09ක දී කඩුලු 11 ක් දවාගෙන තිබෙනවා.

පසුගිය මාසයේ එංගලන්ත ලයන්ස් මංගල තරගයේ දී ද හුල් විසින් ලකුණු 74කට කඩුලු 5 ක් බිඳ දමනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14