ISIS සමඟ සබඳතා පැවැත් වූ ඔස්මන්ඩ් ජෙරාඩ් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

ඉන්දියාවේ දී අත්අඩංගුවට පත් ISIS ලාංකික ත්‍රස්තවාදීන් සිව්දෙනා මෙහෙය වූ බවට සැකකෙරෙන ජෙරාඩ් පුෂ්පරාජ් ඔස්මන්ඩ් ජෙරාඩ් නැමැත්තා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිසිය පවසනවා.

මෙම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමක දී ඊයේ (31) රාත්‍රියේ කොළඹදී අත්අඩංගුවට ගෙන තිබුණා.

46 හැවිරිදි සැකකාර ජෙරාඩ් පුෂ්පරාජ් ඔස්මන්ඩ් ජෙරාඩ් දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 20ක ත්‍යාග මුදලක් ලබාදෙන බව පොලිසිය දින කිහිපයකට ඉහත දී සඳහන් කළා.

ISIS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙක් ඉන්දියාවේ අහ්මදාබාද් ගුවන්තොටුපළේ දී ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මස 20 වනදායි.

එලෙස අත්අඩංගුවට ගෙන තිබුනේ මොහොමඩ් ෆාරිස් , මොහොමඩ් නුස්රත්, මොහොමඩ් නෆ්රාන් සහ මොහොමඩ් රසිඩීන් යන පුද්ගලයින් සිව්දෙනායි.

පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙරටදී ද විමර්ශන ආරම්භ කෙරුණ අතර, ඉන්දියාවේ,දී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ISIS සාමාජිකයින් සමඟ සමීප සබඳතා පැවැත් වූ මෙම ජෙරාඩ් පුෂ්පරාජ් ඔස්මන්ඩ් ජෙරාඩ් නැමැත්තා පිළිබඳ තොරතුරු අනාවරණ කර ගැනුණා.

මේ අතර ජෙරාඩ් පුෂ්පරාජ් සමඟ සබඳතා පැවැත් වූ සහෝදරයින් දෙදෙනෙකු මීට පෙර හලාවත – බංගදෙණිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණු අතර පසුව තවත් අයෙකු කොළඹ දී අත්අඩංගුවට ගත්තා.

අදාළ සැකකරුවන් සමඟ සබඳතා පැවැත් වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු පසුගිය 29 වැනිදා ද මාවනැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමටයි ආරක්ෂක අංශ පියවර ගත්තේ.

මේ අනුව ඉන්දියාවේ දී අත්අඩංගුවට පත් ISIS ලාංකික ත්‍රස්තවාදීන් සිව්දෙනා සමඟ සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධයෙන් මෙරට දී සැකකරුවන් හයදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18