ISIS සංවිධානයේ දෙවන අණදෙන නිලධාරියා ඝාතනය කළ බව ට්‍රම්ප් කියයි

ISIS ත්‍රස්ත සංවිධානයේ දෙවන අණදෙන නිලධාරියාවන අබු-බිලාල්-අල්-මිනුකි ඝාතනය කළ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඇමරිකානු හමුදා සහ නයිජීරියාවේ සන්නද්ධ හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමක දී අබු-බිලාල්-අල්-මිනුකි ඝාතනය කිරීමට හැකි වූ බවයි ට්‍රම්ප් සඳහන් කළේ.

ට්‍රම්ප් ඊයේ (15) Truth Social සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් අබු-බිලාල්-අල්-මිනුකිගේ ඝාතනය පිළිබඳව පුවත ලෝකයට දැනුම් දුන්නා.

“අද රාත්‍රියේ, මගේ මඟ පෙන්වීම යටතේ, නිර්භීත ඇමරිකානු හමුදා සහ නයිජීරියාවේ සන්නද්ධ හමුදා ලෝකයේ වඩාත්ම ක්‍රියාකාරී ත්‍රස්තවාදියා යුධ පිටියෙන් තුරන් කිරීම සඳහා ඉතා සූක්ෂම ලෙස සැලසුම් කළ සහ ඉතා සංකීර්ණ මෙහෙයුමක් දෝෂ රහිතව ක්‍රියාත්මක කළා. ඔහු තවදුරටත් අප්‍රිකාවේ ජනතාව භීතියට පත් නොකරනු ඇත, නැතහොත් ඇමරිකානුවන් ඉලක්ක කර මෙහෙයුම් සැලසුම් කිරීමට උදව් නොකරනු ඇත.”

ISIS ත්‍රස්ත සංවිධානයේ දෙවන අණදෙන නිලධාරියා වූ අබු-බිලාල්-අල්-මිනුකි අප්‍රිකාවේ සැඟවී සිටින බවට තොරතුරු හෙළිකරගෙන තිබුණා.

මේ අතර මෙහෙයුමේ හවුල්කාරිත්වය සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් නයිජීරියානු රජයට ද ස්තූතිකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39
Video thumbnail
නාමලුත් කෙඳිරි ගාන්නේ නෑ, මමත් කෙඳිරි ගාන්නේ නෑ
03:04
Video thumbnail
හරිනිට ව# දෙන්න ටිල්වින් සිල්වයි අනුර කුමාරයි සැලසුම් කරනවා..?
01:50
Video thumbnail
"එකෙක් සිරගත කරද්දි,100 ක් පිබිදිලා එනවා"
00:11
Video thumbnail
අක්‍රමිකතාවක් ගැන පොලිස්පතිට එරෙහිව පැමිණිල්ලක් - හිතවතාට බයික් ගෙන්නන දවසට බයික් ගන්න වෙන්නේ
06:10
Video thumbnail
මම කාගේත් මුදල් තැන්පතු භාර අරගෙන නෑ - එළියට ආ තිස්සකුට්ටි කිව්ව කතාව
06:14
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06