IPL ශූරයින් කවුද ? – ලොව ධනවත්ම ක්‍රිකට් සැණකෙළියේ තීරණාත්මක රාත්‍රිය අද

මාස දෙකකට ආසන්න කාලයක් පැවති ලොව ධනවත්ම ක්‍රිකට් ලීගය වන අයි.පී.එල් තරගාවලියේ 2024 තරගවාරයේ අවසන් මහා තරගය අද (26) රාත්‍රියේ පැවැත්වෙනවා.

චෙන්නායි හි එම්.ඒ චිදම්බරම් ක්‍රීඩාංගණයේ දී මෙවර අවසන් මහා අතරගය පැවැත්වෙන අතර, තරගය ආරම්භ වන්නේ අද පස්වරු 7.30ටයි.

මෙවර අයි.පී.එල්. තරගාවලියේ අවසන් මහා තරගය සඳහා කොල්කටා නයිට් රයිඩර්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සුදුසුකම් ලබා තිබෙනවා.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ,මීට පෙර 2012 සහ 2014 වසරවල දී අයි.පී.එල් ශූරතාව දිනාගැනීමට සමත්ව ඇති අතර, හයිද්‍රාබාද් කණ්ඩායම 2016 වසරේ දී අයි.පී.එල් ශූරතාවයට හිමිකම් කීමට සමත් වුණා.

කෙසේ වෙතත් පසුගිය තරගාවලි කිහිපය තුළම දෙපිලේම දක්ෂතාවන් එතරම් සාර්ථක මට්ටමක පැවතියේ නැහැ.

කෙසේ වෙතත් මෙවර තරගාවලියේ ආරම්භයේ සිටම අති සාර්ථකම කණ්ඩායම් දෙක බවට පත්වන්නට මෙම කණ්ඩායම් දෙකට හැකියාව ලැබුණා.

නයිට් රයිඩර්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ මූලික වටයේ සහභාගී වූ තරග 14න් තරග 09ක් ජයගත් අතර, හයිද්‍රාබාද් කණ්ඩායම මූලික වටයේ තරග 08ක් ජයගත්තා.

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ සහ අයි.පී.එල් තරග ඉතිහාසයේ වාර්තා කිහිපයක්ම පිහිටුවන්නට මෙවර තරගාවලිය තුළ මෙම කණ්ඩායම් දෙකටම හැකියාව හිමිවීම විශේෂත්වයක්.

මේ අතර අද පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා හිමිවන චිදම්බරම් ක්‍රීඩාංගණයේ තණ තීරුව පිතිකරණයට වඩාත් හිතකර වනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ වෙතත් රාත්‍රියේ ක්‍රීඩාංගණයේ පවතින පින්න අවසන් මහා තරගයේ ප්‍රතිඵලයට තරමක් බලපෑමක් එල්ල කරනු ඇති බවයි විචාරකයින්ගේ මතය වී ඇත්තේ.

ඒ, අනුව 2024 අයි.පී.එල් තරගාවලියේ ශූරයින් කවුරුන් ද යන්න සජීවීව දැකබලාගැනීම සඳහා 38,000 කට වැඩි ප්‍රේක්ෂකයින් පිරිසක් අද රාත්‍රියේ චෙන්නායි හි චිදම්බරම් ක්‍රීඩාංගණයට එක්රැස්වන අතර, තවත් මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් රූපවාහිනී තිරය දෙස දෑස් දල්වා බලාසිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩී.වී චානක නාමල්ගේ වේදිකාව දෙවනත් කරයි
08:14
Video thumbnail
ගමින් ගමට යන ජනාධිපතිට නාමල් සැරටම කිව්ව දේ..
09:54
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55