spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

IPL ලෝකයටම පෙන්වන්න සුප්‍රකට ධන කුවේරයින් දෙදෙනෙක් සීතල යුද්ධයක

ලොව සුප්‍රකට ධන කුවේරයින් දෙදෙනෙකු වන ජෙෆ් බෙසෝස් සහ මුකේෂ් අම්බානි තවත් ගැටුමකට සූදානම් වන බව වාර්තා වනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ විකාශන අයිතිය ලබා ගැනීම වෙනුවෙන් ඔවුන් දෙදෙනා මෙලෙස සටන් බිමට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

ලබන 12 වෙනිදා පැවැත්වෙන වෙන්දේසියේ දී ජෙෆ් බෙසෝස් සහ මුකේෂ් අම්බානිගේ සමාගම් ප්‍රමුඛතම තරඟකරුවන් දෙදෙනා වනු ඇතැයි බොහෝ දෙනෙකු අපේක්ෂා කරනවා.

ඊට අමතරව තවත් සුප්‍රසිද්ධ ලංසුකරුවන් කිහිප දෙනෙකු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ විකාශන අයිතිය ලබා ගැනීම වෙනුවෙන් ඉදිරිපත්ව සිටින බවටයි වාර්තා වුණේ.

මිලියන 600කට වැඩි නරඹන්නන් පිරිසක් ආකර්ෂණය කරගෙන ඇති, ඩොලර් බිලියන 06කට ආසන්න සන්නාම වටිනාකමක් සහිත ලොව වේගයෙන්ම වර්ධනය වන ක්‍රීඩා ඉසව්වලින් එකක් වන අයි.පී.එල්. තරගාවලියේ විකාශන අයිතිය ලබා ගැනීම වෙනුවෙන් මෙම ධන කුවේරයින් දෙදෙනා අතර වෙන්දේසියේ දී තියුණු සටනක් පවතිනු ඇති බවයි විදෙස් මධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?