spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

IPL වැඩිම කඩුලු ලාභීන් අතර වනිඳු පෙරමුණේ

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වන්නට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට ඊයේ යළිත් හැකියාව ලැබුණා.

ඒ, ඊයේ පැවති රෝයල් චැලේන්ජස් බැංගලෝර් සහ ගුජරාට් ටයිටන්ස් අතර තරගයේ දී සිය පන්දුවාර 04 තුළ ලකුණු 25කට එක් කඩුල්ලක් බිඳ දැමීමත් සමඟයි.

වනිඳු මෙවර තරගාවලිය තුළ තරග 14කට ක්‍රීඩා කරමින් බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව 24ක්.

තරග 13කට ක්‍රීඩා කරමින් කඩුලු 24ක් බිඳහෙළා ඇති රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ යුශ්වේන්ද්‍ර චාහල් තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර දෙවන තැන පසුවනවා.

මේ අතර ඊයේ තරගයෙන් අනතුරුව විස්තර විචාරක හර්ෂ බෝග්ලේ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් වනිඳු සඳහන් කළේ යුශ්වේන්ද්‍ර චාහල්ට ඊළඟ තරගයේ දී තවත් කඩුල්ලක් ලබාගෙන තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වෙමින් ඒ සඳහා ලබාදෙන පර්පල් හිස්වැසුම (පර්පල් කැප්) ලබා ගැනීමට තමන් සුබ පතන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?