IPL තෑගි මුදලටත් වඩා වැඩි මුදලක් කොල්කටා හා හයිද්‍රාබාද් කණ්ඩායම් ක්‍රීඩකයින් දෙදෙනෙක් වෙනුවෙන් වැයකරලා

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඊයේ (26) රාත්‍රියේ අවසන් වුණේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ශූරතාව හිමිකර ගනිමින්.

මෙවර තරගවලියේ ශූරතාව හිමිකරගත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් පිරිනැමුණු ත්‍යාග මුදල ඉන්දීය රුපියල් කෝටි 20ක්.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 72කට අසන්න මුදලක් වනවා.

ඊට අමතරව අනුශුරතාව දිනාගත් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 12.5ක ත්‍යාග මුදලක් හිමි වුණා.

එය මෙරට මුදලින් රුපියල් කෝටි 45ක් පමණ වනවා.

කෙසේ වෙතත් මෙම කණ්ඩායම් දෙකම තම සංචිතවල සිටි ක්‍රීඩකයින් දෙදෙනෙක් මිලදී ගැනීම වෙනුවෙන් ලැබූ ත්‍යාග මුදලට වඩා වැඩි මුදලක් වැයකර තිබීම ද විශේෂත්වයක්.

ඒ, අනුව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මිචල් ස්ටක් වෙනුවෙන් ක්‍රීඩක වෙන්දේසියේ දී වැයකළ මුදල ඉන්දීය රුපියල් කෝටි 24.75ක් වනවා.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකයා ලෙස කයුතු කළ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක පැට් කමින්ස් වෙනුවෙන් වෙන්දේසියේ දී වියදම් කළ මුදල ඉන්දීය රුපියල් කෝටි 20.75ක්.

එලෙස විශාල ධනයක් ක්‍රීඩක වෙන් දේසියේ දී වියදම් කරමින් මිලදී ගත් මෙම ක්‍රීඩකයින් දෙදෙනා මෙවර තරගාවලිය තුළ සිය කණ්ඩායම් දෙකට උපරිම වශයෙන් සාධාරණයක් ඉටුකළ බවයි ක්‍රිකට් විචාරකයින්ගේ මත වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14