IPL තරග පැවැත් වූ ක්‍රීඩාංගණ කාර්යමණ්ඩල වෙත කෝටි ගණනක මුදල් ත්‍යාගයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගවලියේ 15 වන අදියර පසුගිය ඉරිදා නිමා වුණේ හර්දික් පාණ්ඩ්‍යාගේ නායකත්වයෙන් යුත් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ජයග්‍රහණය හිමිකර දෙමින්.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර අයි.පී.එල්. තරගාවලිය ක්‍රීඩාංගණ 06ක පමණක් පවත්වන්නට සංවිධායකයින් කටයුතු කර තිබුණා.

මේ අතර එම ක්‍රීඩාපිටි භාරකරුවන් ඇතුළු කාර්ය මණ්ඩලවලට ඉන්දීය රුපියල් එක්කෝටි විසිපන්ලක්ෂයක මුදල් පරිත්‍යාගයක් පිරිනමන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ලේකම් ජේ ෂා විසින් ඊයේ ට්විටර් පණිවුඩයක් මඟින් මේ බව දන්වා තිබුණා.

මෙවර අයි.පී.එල් තරගාවලියේ මූලික වටයේ තරග මුම්බායි හි Brabourne සහ වන්කඩේ ක්‍රීඩාංගන, Navi Mumbai හි DY Patil ක්‍රීඩාංගනය සහ පූනේහි මහාරාෂ්ට්‍ර ක්‍රිකට් සංගමයේ (MCA) ක්‍රීඩාංගනය යන ක්‍රීඩාංගනවලදී පැවැත් වුණා.

ප්ලේ ඕෆ් තරඟ කොල්කටාහි ඊඩ්න් ගාර්ඩන් සහ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනවලදී ක්‍රියාත්මක කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36