ඉන්දියාව සහ පාකිස්තානය අතර මේ වනවිට මතුව ඇති යුද අවදානම හේතුවෙන් අයි.පී.එල් තරගාවලිය අත්හිටුවීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය අද (09) කටයුතු කරනු ලැබුවා.
කෙසේ වෙතත් ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් මේ වනවිට පවසන්නේ තරගාවලිය අත්හිටුවනු ලැබුවේ සතියක කාලයකට පමණක් බවයි.
බලධාරීන් සහ පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කර තත්ත්වය පිළිබඳ පුළුල් තක්සේරුවකින් පසුව තරඟාවලියේ නව කාලසටහන සහ ස්ථාන පිළිබඳ වැඩිදුර යාවත්කාලීන කිරීම් නියමිත බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.
ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව ඉතා වැදගත් බවයි එම ආයතනය වැඩිදුරටත් පවසා ඇත්තේ.














If the situation is critical if they really need to continue the tournament they can choose out of Indian like Sri Lanka or Dubai it’s my suggestion