IPL තරගාවලියේ සුපිරි 04 වටයට පිවිසීමට බැංගලෝර් පිළට ස්වභාවධර්මයෙන් බාධා

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තීරණාත්මක තරග දෙකක් අද (21) දිනයේ පැවැත්වෙනවා.

එම තරග දෙකෙන් පළමු තරගය මේ වනවිට මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වී ඇති අතර, මෙහිදී මුම්බායි ඉන්දියන් පිළ සහ සන්රයිසස් හයිද්‍රාබාද් පිළ තරග වදිනවා.

අද රාත්‍රියේ ආරම්භවන තරගය රෝයල් චැලෙන්ජස් බැංගලෝර් පිළ සහ ගුජරාට් ටයිටන්ස් අතර පැවැත්වීමට නියමිතයි.

මෙම තරග දෙක මුම්බායි ඉන්දියන් පිළ සහ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් පිළට ඉතා වැදගත් වන්නේ තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ තම ස්ථානය වෙන්කර ගැනීමට ඇති අවසන් අවස්ථාව මෙය වීම හේතුවෙන්.

මේ අතර, අද (21) රාත්‍රියේ බැංගලෝරය සහ ගුජරාට් ටයිටන්ස් අතර තරගය පැවැත්වෙන බැංගලෝර් හී එම්.චින්නස්වාමි ක්‍රීඩාංගණය පිහිටි ප්‍රදේශයට අධික වර්ෂාපතනයක් ඇදහැලෙමින් පවතින බවයි ඉන්දියාවෙන් වාර්තා වන්නේ.

මේ හේතුවෙන් මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීමේ වැඩි අවස්ථාවක් පවතින බවයි විචාරකයින් මත පළකර සිටියේ.

එවැනි තත්ත්වයක් මත තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවූව හොත් බැංගලෝර් පිළට සුපිරි 04 දෙනාගේ වටයට පිවිසීමේ අවස්ථාව අහිමිව යනවා.

එසේ සිදුවන්නේ මේ වනවිට පැවැත්වෙන මුම්බායි ඉන්දියන් පිළ සහ සන්රයිසස් හයිද්‍රාබාද් අතර තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් පිළ ජයගැනීමට සමත් වුවහොත් පමණයි.

එසේ නොමැතිව වර්ෂාව හේතුවෙන් බැංගලෝර් සහ ගුජරාට් ටයිටන්ස් අතර තරගය අතහැර දමා, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මේ වනවිට පැවැත්වෙන තරගයෙන් පරාජයට පත් වුවහොත් බැංගලෝර් පිළට සුපිරි 04 වටයට පිවිසීමට අවස්ථාව උදාවනවා.

බැංගලෝර් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් දෙකම තමන් අද සහභාගීවන තරගය ජයගත හොත් දෙපිළටම ප්‍රසාද ලකුණු 16 බැගින් හිමිව සම තත්ත්වයට පත්වන අතර, එහිදී වැඩි දළ ලකුණු වේගයක් රඳවාගෙන සිටින කණ්ඩායමට සුපිරි 04 දෙනාගේ වටයට පිවිසීමේ අවස්ථාව හිමිවනවා.

මේ වනවිටත් ගුජරාට් ටයිටන්ස්, චෙන්නායි සුපර් කිංග්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් යන කණ්ඩායම් සුපිරි හතර දෙනාගේ වටයේ සිය ස්ථාන වෙන්කරගෙන අවසන්.

1 5


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08