IPL තරගාවලියේ නිහඬ විරුවන්ට ලක්ෂ ගණනින් තෑගි දෙන්න ඉන්දීය ක්‍රිකට් ආයතන සැරසෙයි

සාර්ථක අයි.පී.එල්. තරගාවලියක් පැවැත්වීම වෙනුවෙන් විශිෂ්ඨ කාර්ය භාරයක් ඉටුකළ ක්‍රීඩාංගණ භාර සේවකයින්ට ත්‍යාග මුදල් පිරිනැමීමට ඉන්දීය ක්‍රිකට් ආයතන තීරණය කර තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් ලේකම් ජේ ෂා අද (27) නිවේදනය කළේ මෙවර අයි.පී.එල්. තරගාවලිය පැවති නිත්‍ය ක්‍රීඩාංගණ දහයේ ක්‍රීඩාංගණ භාරකරුවන් සහ සේවකයින් අගය කිරීමේ සංකේතයක් ලෙස රුපියල් ලක්ෂ 25 බැගින් ලබා දෙන බවයි.

ඒ, අනුව එම ක්‍රීඩාංගණ දහය සඳහා එක් ක්‍රීඩාංගණයකට ඉන්දීය රුපියල් ලක්ෂ 25ක මුදලක් පිරි නැමෙනවා.

මීට අමතරව අයි.පී.එල් තරග පැවැත්වීම සඳහා අමතර ක්‍රීඩාංගණ ලෙස යොදාගත් ක්‍රීඩාංගණ තුන සඳහා එක් ක්‍රීඩාංගණයකට රුපියල් ලක්ෂ 10 බැඟින් ලබාදෙන බවයි ජේ ෂා සඳහන් කළේ.

අයි.පී.එල්. තරඟාවලියේ ඊයේ චෙන්නායිහි දී නිමාවට පත්වූ අවසන් මහා තරගයේ දී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව කඩුලු 08ක ජයක් ලබාගනිමින් ඔවුන්ගේ තුන්වන අයි.පී.එල්. ශුරතාවට හිමිකම් කීමට සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23