IPL අවසන් මහා තරගය අදත් වැස්සට සේදෙයි ද ?

ඊයේ (28) රාත්‍රියේ පැවති අධික වර්ෂාවත් සමඟ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයට බාධා එල්ල වුණා.

ඒ, හේතුවෙන් එම තරගය අද දිනයේ දී පැවැත්වීමටයි සංවිධායකයින් තීරණය කළේ.

අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත්වෙන අතර, අද දිනයේ අහමදාබාද් හි කාලගුණය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවදානය මේ වනවිට යොමුව තිබෙනවා.

කෙසේ වෙතත් අද (29) දිනයේ දී අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පන්දුවාර 40ම ක්‍රීඩාකළ හැකි සම්පූර්ණ තරගයක් පැවැත්වීමට බොහෝ දුරට අවස්ථාව පවතින බවයි කාලගුණ අංශ සඳහන් කළේ.

ඒ, අනුව අහමදාබාද් රාත්‍රී අහස බොහෝ දුරට පැහැදිලි ලෙස පවතිනු ඇති බවයි එම අංශ වැඩිදුරටත් පවසන්නේ.

අද රාත්‍රියේ දී වර්ෂාපතනයට ඇති ඉඩකඩ 3%ක් පමණක් බවත් කාලගුණ අංශ දැනුම් දෙනවා.

දිවා කාලයේ වර්ෂාව ඇති වීමේ සුළු හැකියාවක් පැවතිය ද, තරගය පැවැත්වෙන වේලාවන්හි දී අහස බොහෝ දුරට පැහැදිලි ලෙස පවතින බවයි කාලගුණ බලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29