IPL අවසන්කර යළි ලංකාවට පැමිණි දිනයේදීම භානුකගෙන් සුපිරි ඉනිමක්

පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමඟ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්ව සිටි භානුක රාජපක්ෂ තරගාවලිය අවසන් කරමින් අද (23) අලුයම දිවයිනට පැමිණියා.

දිවයිනට පැමිණීමේ පසු ඔහු Major Club විස්සයි විස්ස තරගාවලියට බී.ආර්.සී. කණ්ඩායම සමඟින් එක්වුණා.

එහිදී පානදුර ක්‍රීඩා සමාජය සමඟ අද පැවති තරගයේ දී විශිෂ්ඨ ශතකයක් ලබා ගැනීමට භානුක සමත් වූ අතර පන්දු 56 කදී වාර්තා කළ මෙම ශතකයට හයේ පහර 09ක් සහ හතරේ පහර 04ක් ඇතුළත්.

IPL තරගාවලියේ දී භානුක නියෝජනය කළ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සහභාගී වී අවසන් තරගය ඊයේ (22) රාත්‍රියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව පැවති අතර එම තරගයට ක්‍රීඩා කිරීමට භානුකට අවස්ථාව හිමිවුයේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14