spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

IPL අවසන්කර යළි ලංකාවට පැමිණි දිනයේදීම භානුකගෙන් සුපිරි ඉනිමක්

පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමඟ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්ව සිටි භානුක රාජපක්ෂ තරගාවලිය අවසන් කරමින් අද (23) අලුයම දිවයිනට පැමිණියා.

දිවයිනට පැමිණීමේ පසු ඔහු Major Club විස්සයි විස්ස තරගාවලියට බී.ආර්.සී. කණ්ඩායම සමඟින් එක්වුණා.

එහිදී පානදුර ක්‍රීඩා සමාජය සමඟ අද පැවති තරගයේ දී විශිෂ්ඨ ශතකයක් ලබා ගැනීමට භානුක සමත් වූ අතර පන්දු 56 කදී වාර්තා කළ මෙම ශතකයට හයේ පහර 09ක් සහ හතරේ පහර 04ක් ඇතුළත්.

IPL තරගාවලියේ දී භානුක නියෝජනය කළ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සහභාගී වී අවසන් තරගය ඊයේ (22) රාත්‍රියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව පැවති අතර එම තරගයට ක්‍රීඩා කිරීමට භානුකට අවස්ථාව හිමිවුයේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?