Fly high Get bonus Aviator Phone

IPL ඉතිරි තරගවලට සත්කාරකත්වය දෙන්න එංගලන්තය සූදානමින්

ඉන්දියාව සහ පාකිස්ථානය අතර මතුව ඇති යුදමය තත්ත්වය මාධ්‍යයේ අයි.පී.එල් තරගාවලිය සතියක කාලයකට අත්හිටුවීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කරනු ලැබුවා.

එලෙස අත්හිටුවීමට තීරණය කළ එම තරගාවලිය යළි පවැත්වෙන දිනය සහ ස්ථානය පිළිබඳව තවමත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණයක් ගෙන නැහැ.

ඒවන් තත්ත්වයක අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරග එංගලන්තයේ පැවැත්වීමට සහ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සියලු කටයුතු සිදුකිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය සූදානම් බවට දන්වා තිබෙනවා.

කෙසේ වෙතත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය එංගලන්ත ක්‍රිකට් ආයතනයේ යෝජනාව පිළිගැනීමට හෝ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග ඉන්දියාවේ පවත්වනවා ද යන්න පිළිබඳව තහවුරු කිරීමක් තවමත් සිදුකර නැහැ.

හිටපු එංගලන්ත නායක මයිකල් වෝන් ද අයි.පී.එල් ඉතිරි තරග එංගලන්තයේ පැවැත්වීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?