IOC සමාගම ඉන්ධන නිකුත් කිරීම ගැටලුවක් වෙයි

ලංකා අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම ඉන්දීය ඔයිල් සමාගම විසින් අත්හිටුවා ඇති බව එල්.අයි.ඕ.සී. ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

මේ අතර, 2018 වසරේ ඔක්තෝම්බරයෙන් පසු ලෝක වෙළඳපොලේ ඉහළම තෙල් මිල අද වාර්තා වූ අතර, බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල ඊයේ දිනයට සාපේක්ෂව සියයට 3 කින් ඉහළ ගොස් සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 85යි ශත 10 ක් ලෙසයි.

අයි.ඕ.සී ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති කෝසල විදාන පතිරණ කියා සිටියේ හදිසියේම ඉන්ධන බෙදා හැරිම ලංකා අයි.ඕ.සී සමාගම අත්හිටුවීම හේතුවෙන් තම සංගමයට අයත් ඉන්ධන පිරවුම්හල් හිමියන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවයි.

ලංකා අයි.ඕ.සී. සමාගම පසුගියදා ඉන්ධන මිල ඉහළ දැමීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කළා.

ඒ අනුව, ඩීසල් ලීටරයක් රුපියල් 25 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 15 කින් ඉහළ දමන බවයි එම සමාගමේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

එවන් පසුබිමකයි ලංකා අයි.ඕ.සී. සමාගම එල්.අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවා ඇති බවට වාර්තා වුණේ.

මේ අතර, අද පෙරවරුවේ කොළඹට ආසන්න ප්‍රදේශ කිහිපයක ලංකා අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් කිහිපයක් වසා දමා තිබූ බව ද අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම, එල්.අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන ලබා දීම අත්හිටුවා ඇති බවට එල්ල වන චෝදනාව පිළිබඳව අප එම සමාගමෙන් විමසීමක් කළා.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියේ මිල ඉහළ යනු ඇති බවට පුරෝකතනය කරමින් ඇතැම් පිරවුම්හල් හිමියන් ඉන්ධන තොග ගබඩා කිරීමට කටයුතු කිරීමට උත්සාහ දරන බවයි.

මීට පෙර දින දෙකකට වරක් පමණ ලැබෙන ඇණවුම් මේ දිනවල දිනපතා ලැබෙන තත්ත්වයක් දක්නට ලැබෙන බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඒ අනුව, දිනපතා ලැබෙන ඇණවුම් ලබාදීමට හැකියාවක් නොමැතිවීම මිස ඉන්ධන ලබාදීම අත්හිටුවීමක් සිදුකර නොමැති බව අයි.ඕ.සී. සමාගමේ ප්‍රකාශකයා සඳහන් කළා.

ඉන්ධන මිල ඉහළ දැමීමකට මේ වනතෙක් අයි.ඕ.සී. සමාගම තීරණයක් ගෙන නොමැති  අතර, සහනයක් නොලැබෙන්නේ නම් මිල ඉහළ නැංවීමට සිදුවන බව ඔහු කියා සිටියා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55