spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

IOC ඉන්ධන බෙදාහැරීමට CEYPETCO ටැංකි රථත් එක්වෙයි – බලශක්ති ඇමති විශේෂ සාකච්ඡාවක

ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අද (03) දිනය තුළත් හැකි පමණින් සිදුකෙරෙන බව ලංකා අයි.ඕ.සී.ඉන්ධන බෙදුම්කරුන්වන්ගේ සංගමය පවසනවා.

එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ ත්‍රිකුණාමලය පර්යන්තයේ සිට දිවයින පුරා සිදුකරන එම කටයුතු සිදුකිරීමට ඇති ටැංකි රථ සංඛ්‍යාව 80ක් පමණක් බවයි.

එවැනි තත්ත්වයක් තුළ අයි.ඕ.සී සමාගමට සපුරාලිය හැක්කේ දෛනිකව මෙරට ඉන්ධන අවශ්‍යතාවයෙන් 15% ක් පමණක් බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ වනවිට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ටැංකි රථ ද යොදාගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා.

එමෙන්ම ලංකා ඛනිජ තෙල් සංස්ථාව තවදුරටත් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු නතර කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඛනිජ තෙල් සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ වෘත්තීය සමිතිය සමිති හමු වී සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

ඛනිජ තෙල් අමාත්‍යංශයේ දී එම සාකච්ඡාව පවත්වා ඇති බවය් වාර්තා වන්නේ.

ඉන්ධන ආනයනය සහ බෙදාහැරීම සම්බන්ධයෙන් පසුගියදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළ බව ට්විටර් පණිවුඩයක් තබමින් අමාත්‍යවරයා සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?