IOC ඉන්ධන බෙදාහැරීමට CEYPETCO ටැංකි රථත් එක්වෙයි – බලශක්ති ඇමති විශේෂ සාකච්ඡාවක

ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අද (03) දිනය තුළත් හැකි පමණින් සිදුකෙරෙන බව ලංකා අයි.ඕ.සී.ඉන්ධන බෙදුම්කරුන්වන්ගේ සංගමය පවසනවා.

එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ ත්‍රිකුණාමලය පර්යන්තයේ සිට දිවයින පුරා සිදුකරන එම කටයුතු සිදුකිරීමට ඇති ටැංකි රථ සංඛ්‍යාව 80ක් පමණක් බවයි.

එවැනි තත්ත්වයක් තුළ අයි.ඕ.සී සමාගමට සපුරාලිය හැක්කේ දෛනිකව මෙරට ඉන්ධන අවශ්‍යතාවයෙන් 15% ක් පමණක් බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ වනවිට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ටැංකි රථ ද යොදාගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා.

එමෙන්ම ලංකා ඛනිජ තෙල් සංස්ථාව තවදුරටත් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු නතර කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඛනිජ තෙල් සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ වෘත්තීය සමිතිය සමිති හමු වී සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

ඛනිජ තෙල් අමාත්‍යංශයේ දී එම සාකච්ඡාව පවත්වා ඇති බවය් වාර්තා වන්නේ.

ඉන්ධන ආනයනය සහ බෙදාහැරීම සම්බන්ධයෙන් පසුගියදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළ බව ට්විටර් පණිවුඩයක් තබමින් අමාත්‍යවරයා සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25