Invest Sri Lanka ආයෝජන සංසදය සිංගප්පූරුවේ දී

ද්විපාර්ශවික ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කිරීමේ දී ශ්‍රී ලංකාවේ දායකත්වය අවධාරණය කරමින් සහ ආයෝජන හිතකාමී නව පරිසරය හඳුන්වා දෙමින් Invest Sri Lanka ආයෝජන සංසදය මෙම 12 වැනිදා සිංගප්පූරුවේ, Conrad Marina Bay හි දී පැවැත් වුණා.

ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරින් , නියාමකයන්, ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් හා ගෝලීය ආයෝජකයන් 150 කට වැඩි පිරිසක් ඊට එක්ව සිටියා.

ශ්‍රී ලංකා මහකොමසාරිස් සෙනරත් දිසානායක සභාව පිළිගනිමින් මෙහි ඇති කාලීන වැදගත්කම මෙන්ම ද්විපාර්ශවික ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළා.

ශ්‍රී ලංකාවේ ආර්ථික අභිලාෂ දක්වමින් ආයෝජකයන් සඳහා නව අවස්ථා විවෘත වී ඇති අයුරු ද මහකොමසාරිස්වරයා පෙන්වා දුන්නා.

සංසදය දියත් කරමින් අදහස් දැක්වූ කොළඹ කොටස් හුවමාරුවේ (CSE) අධ්‍යක්ෂ රේ අබේවර්ධන සහ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යේෂ්ඨ මහාචාර්ය ඩී. බී.පී.එච්. දිසාබණ්ඩාර ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ප්‍රසාරණය හා දිගුකාලීන ආයෝජන දිරිගැන්වීම වෙනුවෙන් දියත් කර ඇති ප්‍රතිසංස්කරණ පිළිබඳ හඳුන්වා දෙනු ලැබුවා.

කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මේ සඳහා වන රජයේ ප්‍රතිපත්තිමය රාමුව ඉදිරිපත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේ , ආර්ථිකයේ අවරෝධනයක් ඇතිවූ “අහිමි දශකයේ” බලපෑම් ආපසු හරවමින් ආයෝජකයන්ට ප්‍රමුඛත්වය දෙන්නාවූ උපායමාර්ග අනුගමනය කරමින් ඇති බවයි.

ආර්ථික වර්ධනය ඉහළට ගැනීම වෙනුවෙන් බලශක්ති, සංචාරක, නිෂ්පාදන, කෘෂිකර්ම, සැපයුම් සේවා හා ඩිජිටල්කරණ ක්ෂෙත්‍රයන්ට ප්‍රමුඛත්වය ලබාදෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් පී වීරසිංහ “ශ්‍රී ලංකා ආර්ථික දර්ශනය” ඉදිරිපත් කළා.

2024 වසරේ දී දළ දේශීය නිෂ්පාදනය (GDP) 5% වර්ධනයක් වාර්තා කිරීමෙන් පෙනෙන්නේ ආර්ථිකය ශීඝ්‍රයෙන් යථාතත්වයට පත්වෙමින් ඇති අයුරු බව ද මහබැංකු අධිපතිවරයා පෙන්වා දුන්නා.

උද්ධමනය පහත වැටෙමින් ඇති අතර, විදේශ සංචිත ඇ.ඩො.බිලියන 06ඉක්මවා ඇති බව ද ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් අදියර කරා එළැඹ ඇති බව ද සඳහන් කළා.

1977 දී විවෘත ආර්ථිකය හඳුන්වා දීමෙන් පසුව ප්‍රථම වතාවට එකදිගට තුන්වැනි වතාවටත් ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කිරීමට හැකිවී ඇති බව ද මහබැංකු අධිපතිවරයා පැවසුවා.

අපනයන ස්ථාවරත්වය, ආදායම් වර්ධනය හා සංචාරක ව්‍යාපාරයේ පිබිදීම ඊට මූලික ව බලපා තිබෙනවා.

මෙහිදී , මහබැංකු අධිපතිවරයා ආයෝජකයන්ගෙන් ඉල්ලා සිටියේ , ස්වෛරී අනුපාත CCC + සිට B දක්වා ඉහළ දැමීම අපේක්ෂිතව ඇති පසුබිමක ප්‍රාග්ධන අවස්ථා සඳහා යොමුවන ලෙසයි.

අනතුරුව පැවැති සංවාද මණ්ඩප දෙකෙන් පළමුවැන්න , “ගෝලීය අස්ථාවරත්වයන් මධ්‍යයේ ශ්‍රී ලංකා ආර්ථිකය ” මැයෙන් අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්‍ත ප්‍රනාන්දු සහ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් පී වීරසිංහගේ මූලිකත්වයෙන් පැවැත් වුණා.

දෙවැන්න ,” ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ , ඉදිරියට යමින් ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ , මූල්‍ය ස්ථාවරත්වය , ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳ පොළ විභවයන් ” මැයෙන් Asia Frontier Capital ltd. අරමුදල් කළමණාකරු රුචිර් දේශායි , සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යේෂ්ඨ මහාචාර්ය ඩී.බී.පී.එච්.දිසාබණ්ඩාර, Lynear Wealth Management කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය නවීන් ගුණවර්ධන සහ කොළඹ කොටස් හුවමාරුවේ අධ්‍යක්ෂ රේ අබේවර්ධන යන අයගේ මූලිකත්වයෙන් සිදු වුණා.

Invest Sri Lanka කොළඹ කොටස් හුවමාරුව , සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සත්කාරකත්වයෙන් සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ සහයෝගිතාවයෙන් පවත්වනු ලැබුවා.

මෙම සංසදයේ ප්‍රධාන පාර්ශවකරුවන් වශයෙන් Singapore – Sri Lanka Business Association , Singapore Indian Chamber of Commerce , ICC Sri Lanka , CFA Society Sri Lanka , Sri Lankan Airlines එක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32