IMF වාර්තාවෙන් ශ්‍රී ලංකාව සිම්බාබ්වේ සමග සම තත්ත්වයක තබලා – හිටපු අගමැති කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව සම්බන්ධයෙන් වූ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කර තිබෙන පසුබිම හමුවේ රජය ගන්නා ඉදිරි පියවර කුමක්දැයි වහාම හෙළි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද ප්‍රකාශ කර සිටියා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව සම්බන්ධ වාර්තාවෙි සඳහන් කර ඇති ආකාරයට සැලසුමක් ඇතිව මූල්‍ය අරමුදල වෙත යනවාද?නොයනවාද? යන්න ගැන පැහැදිලි ප්‍රකාශයක් කළ යුතුව ඇතැයි ඔහු කියා සිටියේ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ එජාප ජ්‍යෙෂ්ඨයන් සමඟ අද පෙරවරුවේ පැවැත්වූ සාකච්ඡාවේදීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට අදාළව ඊයේ (02) අලුයම නිකුත් කළ වාර්තාව පිළිබඳව ඉහත සාකච්ඡාවේදී හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අදහස් දක්වා සිටියා.

රජය සතු විදේශ සංචිත අඩු වීම,බඩුමිල වැඩිවීම මෙන්ම මහ බැංකුවට මුදල් අච්චු නොගසන ලෙස දැනුම් දීම ඇතුළු කරුණු රාශියක් මූල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාවේ සඳහන්ව ඇතැයි රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2022ට අදාලව නිකුත් කළ වාර්තාවේ ලංකාව සිම්බාබ්වේ රාජ්‍යය සමඟ සම තත්ත්වයක තැබීම ද විශේෂත්වයක් බව මෙම සාකච්ඡාවේදී අදහස් හුවමාරු විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අදාළ වාර්තාව සැකසන අවස්ථාවේදී පැවැති තත්ත්වය අනුව ලංකාවේ සංචාරක පැමිණීම වැඩිවිය හැකි බව සඳහන් කෙරුණත් රුසියා යුක්රේන යුද්ධය හේතුවෙන් ඒ තත්ත්වය වෙනස්වී ඇතැයි ද මේ සාකච්ඡාවේ දී අනාවරණය කෙරුණා.

මූල්‍ය අරමුදල ලංකාව සම්බන්ධ වාර්තාව නිකුත් කර තිබෙන මේ අවස්ථාවේදී ගන්නා පියවර කුමක්දැයි රජය වහාම කිව යුතුව ඇතැයි ද හිටපු අග්‍රාමාත්‍යවරයා පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39