IMF යනවා, ජනපති කියයි

රට තුළ මේ වන විට උද්ගතව ඇති ගැටලුවවලට හේතුව විදේශ විනිමය අර්බුදය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (මාර්තු 16) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමිනි.

තමන් ගන්නා ක්‍රියාමාර්ගවල වගවීම තමන් භාර ගන්නා බව ජනාධිපතිවරයා එහිදී පැවසීය. එමෙන් ම මහජනතාව අත්විඳින කරදරකාරී ජීවන රටාවන්ට විසඳුම් සෙවීමට තමන් අද දැඩි තීන්දු තීරණ ගැනීමට අදිටන් කරගෙන ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, රට තුළ පවතින අර්බුදය කිසිසේත් ම තමන් විසින් නිර්මාණය කරන ලද්දක් නොවන බව ය.

“එදා මේ අර්බුදය නිර්මාණය කරන්නට දායක වූ අය, අද ජනතාව ඉදිරියේ රජය විවේචනය කරමින් සිටිද්දී, මා උත්සාහ කරන්නේ මේ අර්බුදය හැකි ඉක්මනින් විසඳා ජනතාවට සහනයක් ලබා දෙන්නයි.”

එමෙන් ම ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තමන් කළ සාකච්ඡාවට පසුව වාසි අවාසි අධ්‍යනය කොට ඔවුන් සමග එක්ව කටයුතු කිරීමට තමන් තීරණය කළ බව ය.

“මේ හිඟය පියවා ගැනීමත්, අපේ විදේශ විනිමය සංචිතය වැඩි කර ගැනීමටත් අප ක්‍රියා කළ යුතුයි.

මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා මිත්‍ර රටවල් සමග අපගේ ණය වාරික ගෙවීම් ගැන අප සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. අප රටට හිතකර ආකාරයට නව ක්‍රමවේදයක් තුළ මෙය ක්‍රියාත්මක කිරීමට රජය නොයෙකුත් පාර්ශ්ව සමග සාකච්ඡා කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඊයේ පැවැත්වූ සාකච්ඡාවත් මේ අරමුණින් කළ එකක්. 

ඒ සාකච්ඡා තුළින් අප බලාපොරොත්තු වන්නේ වසරකට අප ගෙවිය යුතු ණය වාරික, ස්වෛරීත්ව බැඳුම්කර ආදිය ගෙවීම් සඳහා ක්‍රමවේදයක් සලසා ගැනීමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මා කළ සාකච්ඡාවට පසුව වාසි අවාසි අධ්‍යනය කොට ඔවුන් සමග එක්ව කටයුතු කිරීමට මා තීරණය කළා.”

ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, තමන් දේශපාලනයට පැමිණයේ ජනතාවගේ ආරාධනයෙන් බව ය.

“මා දේශපාලනයට ආවේ ඔබේ ආරාධනයෙන්. ඔබ මා කෙරෙහි අසීමිත විශ්වාසයක් තැබුවා. මා ඒ විශ්වාසය කිසි විටෙකත් කඩ නොකොට දිවි හිමියෙන් ආරක්‍ෂා කරනවා.”

ජනාධිපතිවරයා ජාතිය අමතා කළ සම්පූර්ණ කතාව මෙතැනින් බලන්න…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා ඡන්දය ගැන විශේෂ සාකච්ඡාවක්..ප්‍රමාද වෙච්ච එකට 2017 ඉදන් පාලකයෝ වගකියන්න ඕනි
06:13
Video thumbnail
ගෝඨාව එළෙව්වේ පාස්කු මහමොළකරු..?
16:28
Video thumbnail
නාමගේ වේදිකාවේ දාපු නාඩගමට මරික්කාර් රිදෙන්නම දෙයි
01:12
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.26
00:00
Video thumbnail
පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට රෑ කිසිවෙක් කඩා පැනලා..වීදුරුත් කඩාගෙන පැනලා ගිහින්
00:55
Video thumbnail
අම්මසිරි මාර තොගයක්නේ - හැම තැනම බෝතල් හංගලා
03:26
Video thumbnail
ටිල්වින් යවපු කට්ටිය තමයි අපිට පහරදීලා තියෙන්නේ
02:07
Video thumbnail
ලක්ෂ 12ට හෑවගේ මොඩල් එකක්වත් ගන්න බෑ
11:15
Video thumbnail
අටමස්ථානාධිපති ගැන ජනප්‍රිය නිළි මහේෂි කට අරියි..සාක්ෂි තියෙද්දි කොහොමද එහෙම නිදහස් වුණේ ?
03:52
Video thumbnail
ගෙදරට කන්න නැතත් බැංකු ණය ගෙවපු මිනිහෙක් මම - බැංකු බද්ද ගැන ඩඩ්ලි රජයට කිව්ව සැර කතාව
08:19