IMF ප්‍රතිසංස්කරණ සඳහා රජයේ මුදල් කාරක සභාවේ උපරිම සහාය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශයට පත් කරන ලද සහ මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අපක්ෂපාතිව පෙනී සිටිමින් සිය උපරිම සහය ලබා දීම, රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අරමුණ බව එම කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කරනවා.

මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූ මහබැංකු නිලධාරීන් පෙන්වා දුන්නේ 2023 පළමු කාර්තුව තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිය පළමු වාරිකය ලබා දෙනු ඇති බවට අපේක්ෂා කරන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුගත වීම සඳහා සිදු කළ යුතු සමාජ ප්‍රතිසංස්කරණ සහ ඒවායේ බලපෑම පිළිබදව ද මෙහි දී කමිටුවේ අවධානය යොමු වුණා.

සමාජයේ අඩු ආදායම්ලාභී ප්‍රජාවන්ට සිදුවන සමාජ බලපෑම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිරතුරුව සැලකිල්ලෙන් පසුවන බවත් එම බලපෑම් අවම කිරීම සඳහා රජයේ වියදම් හැකිතාක් සීමා කිරීම වැනි ඇතැම් ආරක්ෂණ ක්‍රම අනුගමනය කර ඇති බවයි මහබැංකුවේ නිළධාරීන් මෙහි දී පෙන්වා දුන්නේ.

පොලී අනුපාත වැඩි කිරීම තුළ වෙළඳපල හැකිලීමේ අහිතකර බලපෑම් පිළිබඳව ද කාරක සභාව විමසනු ලැබුවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් අරමුදල් පහසුකම (Extended Fund Facility) ලැබීම හරහා පොලී අනුපාත නැවත වරක් ලිහිල් කළ හැකි වන අතර, වෙළඳපොළ පුළුල් වීම සඳහා නැවතත් අවස්ථාව හිමිවනු ඇති බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සදහා පවතින විකල්ප අවස්ථා පිළිබද කාරක සභාව විමසා සිටි අවස්ථාවේ නිලධාරීන් පෙන්වා දුන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ සදහා පළමුව මැදිහත්වීමෙන් තොරව, වෙනත් කිසිදු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ආයතනයක් ශ්‍රී ලංකාව සමඟ ණය කළමනාකරණය සම්බන්ධයෙන් හවුල් වීමට අකමැති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සමඟින් ණය කළමනාකරණය ඇතුළු අනාගත ව්‍යාපාර අවස්ථා සඳහා නැවත වරක් මෙරට සමඟ හවුල් වීමට ජාත්‍යන්තරයට විශ්වසනීයත්වයක් ඇතිවන බවද ඔවුහු පෙන්වා දී තිබෙනවා.

මේ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය මේ අවස්ථාවේ අත්‍යවශ්‍ය බව මහ බැංකු නිලධාරීන් පෙන්වා දෙනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිඹුලෙකුට ගොඳුරු වූ තරුණයා - නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:47
Video thumbnail
නීතිඥ සංගමය, වෘත්තීය සංගම් අලුත් කඩේ අධිකරණය වටලයි - අනුරගේ ආණ්ඩුවත් කළු පැල්ලමක් ඉතිහාසයට එක් කළා
09:03
Video thumbnail
පියංකර ජයරත්න වැලිකඩ බන්ධනාගාරයට
00:39
Video thumbnail
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නලින්ද ආයාචනා කරයි - විපක්ෂය උද්ඝෝෂණ කළාට අපිට දැනෙන්නේ නෑ
06:33
Video thumbnail
මන්ත්‍රී කාවින්දගේ නිවස පිටුපසින් අත්බෝ#බයක් හමුවෙයි
00:33
Video thumbnail
නාමල් ලි#ගික අල්ලස ගත්තේ නෑ - නාමල් නිර්දෝශියි
06:03
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:12:47
Video thumbnail
ආණ්ඩුවේ රැළිවලට යන වියදම දරන්නේ රටේ ජනතාවගේ මුදල්වලින්ද ?NPP එක වියදම් දරන්නේ
02:01
Video thumbnail
වසර 7කට හිරේට ගිය පියංකර ගැන නලින්ද කට අරියි - දැනට පවතින නීතිය අනුව වැඩ වෙන්නේ
03:02
Video thumbnail
ක්‍රීඩා පිටි නොදුන් නිසා පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?දෙකයි පනහේ වැඩ කරන්න එපා
10:05