spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

IMF ප්‍රතිසංස්කරණ සඳහා රජයේ මුදල් කාරක සභාවේ උපරිම සහාය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශයට පත් කරන ලද සහ මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අපක්ෂපාතිව පෙනී සිටිමින් සිය උපරිම සහය ලබා දීම, රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අරමුණ බව එම කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කරනවා.

මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූ මහබැංකු නිලධාරීන් පෙන්වා දුන්නේ 2023 පළමු කාර්තුව තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිය පළමු වාරිකය ලබා දෙනු ඇති බවට අපේක්ෂා කරන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුගත වීම සඳහා සිදු කළ යුතු සමාජ ප්‍රතිසංස්කරණ සහ ඒවායේ බලපෑම පිළිබදව ද මෙහි දී කමිටුවේ අවධානය යොමු වුණා.

සමාජයේ අඩු ආදායම්ලාභී ප්‍රජාවන්ට සිදුවන සමාජ බලපෑම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිරතුරුව සැලකිල්ලෙන් පසුවන බවත් එම බලපෑම් අවම කිරීම සඳහා රජයේ වියදම් හැකිතාක් සීමා කිරීම වැනි ඇතැම් ආරක්ෂණ ක්‍රම අනුගමනය කර ඇති බවයි මහබැංකුවේ නිළධාරීන් මෙහි දී පෙන්වා දුන්නේ.

පොලී අනුපාත වැඩි කිරීම තුළ වෙළඳපල හැකිලීමේ අහිතකර බලපෑම් පිළිබඳව ද කාරක සභාව විමසනු ලැබුවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් අරමුදල් පහසුකම (Extended Fund Facility) ලැබීම හරහා පොලී අනුපාත නැවත වරක් ලිහිල් කළ හැකි වන අතර, වෙළඳපොළ පුළුල් වීම සඳහා නැවතත් අවස්ථාව හිමිවනු ඇති බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සදහා පවතින විකල්ප අවස්ථා පිළිබද කාරක සභාව විමසා සිටි අවස්ථාවේ නිලධාරීන් පෙන්වා දුන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ සදහා පළමුව මැදිහත්වීමෙන් තොරව, වෙනත් කිසිදු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ආයතනයක් ශ්‍රී ලංකාව සමඟ ණය කළමනාකරණය සම්බන්ධයෙන් හවුල් වීමට අකමැති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සමඟින් ණය කළමනාකරණය ඇතුළු අනාගත ව්‍යාපාර අවස්ථා සඳහා නැවත වරක් මෙරට සමඟ හවුල් වීමට ජාත්‍යන්තරයට විශ්වසනීයත්වයක් ඇතිවන බවද ඔවුහු පෙන්වා දී තිබෙනවා.

මේ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය මේ අවස්ථාවේ අත්‍යවශ්‍ය බව මහ බැංකු නිලධාරීන් පෙන්වා දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?