spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

IMF දෙවැනි වාරිකය ලැබෙන කාලය ගැන ඉඟියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමට අදාළ පළමු සමාලෝචනය දෙසැම්බර් මාසයේ දී අවසන් කිරීමට හැකි වනු ඇතයි ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා පවසනවා.

ඔහු පවසන්නේ විදෙස් ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුගතකරණ මූලික එකඟාතාවට එළැඹීමට හැකි වීමත් සමග මූල්‍ය අරමුදලට ඒ සඳහා මග විවර වී ඇති බවයි.

නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා පවසන්නේ ශ්‍රී ලංකා‌වේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ණය හිමියන්ගේ කමිටුව විසින් ප්‍රතිපත්තිමය එකඟතා පළ කිරීමත් සමඟ IMF දෙවැනි වාරිකය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවට පහසුකම් සැලසෙන බවයි.

ඊට අදාළ පළමු සමාලෝචනය එළැඹෙන දෙසැම්බර් මාසයේදී සිදුකෙරෙන අතර ඉන් අනතුරුව අදාළ වාරිකය නිදහස් කළ හැකි වන බව ඔහු සඳහන් කළා.

මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ප්‍රතිපත්තිමය එකඟතාව පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් පැරිස් සමාජය පවසන්නේ රට තිරසර මාවතකට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් දරන උත්සාහය වෙනුවෙන් සිය ප්‍රශංසාව පුද කරන බවයි.

එමෙන්ම ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කිරීමට සහ පොලී අනුපාත අඩු කිරීමට එමගින් යෝජනා කර ඇති බව
පැරිස් සමාජය පවසනවා.

සිව්වස් විස්තීර්ණ ණය පහසුකම යටතේ දෙවැනි වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 334ක මුදලක් ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?