IMF දෙවැනි වාරිකය ලැබෙන කාලය ගැන ඉඟියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමට අදාළ පළමු සමාලෝචනය දෙසැම්බර් මාසයේ දී අවසන් කිරීමට හැකි වනු ඇතයි ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා පවසනවා.

ඔහු පවසන්නේ විදෙස් ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුගතකරණ මූලික එකඟාතාවට එළැඹීමට හැකි වීමත් සමග මූල්‍ය අරමුදලට ඒ සඳහා මග විවර වී ඇති බවයි.

නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා පවසන්නේ ශ්‍රී ලංකා‌වේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ණය හිමියන්ගේ කමිටුව විසින් ප්‍රතිපත්තිමය එකඟතා පළ කිරීමත් සමඟ IMF දෙවැනි වාරිකය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවට පහසුකම් සැලසෙන බවයි.

ඊට අදාළ පළමු සමාලෝචනය එළැඹෙන දෙසැම්බර් මාසයේදී සිදුකෙරෙන අතර ඉන් අනතුරුව අදාළ වාරිකය නිදහස් කළ හැකි වන බව ඔහු සඳහන් කළා.

මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ප්‍රතිපත්තිමය එකඟතාව පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් පැරිස් සමාජය පවසන්නේ රට තිරසර මාවතකට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් දරන උත්සාහය වෙනුවෙන් සිය ප්‍රශංසාව පුද කරන බවයි.

එමෙන්ම ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කිරීමට සහ පොලී අනුපාත අඩු කිරීමට එමගින් යෝජනා කර ඇති බව
පැරිස් සමාජය පවසනවා.

සිව්වස් විස්තීර්ණ ණය පහසුකම යටතේ දෙවැනි වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 334ක මුදලක් ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14