IMF දෙවන ණය වාරිකය ගැන තීරණයට විධායක කමිටුව අද රැස්වෙයි

ශ්‍රී ලංකාවට විස්තීර්ණ ණය පහසුකම සැපයීම සම්බන්ධ පළමු සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව අද (12) දිනයේ රැස්වීමට නියමිතව තිබෙනවා.

කාර්ය සාධන නිර්ණායක පිළිපැඳීමෙන් නිදහස් වීම සහ වෙනස් කිරීම, මූල්‍ය සහතික සමාලෝචනය සහ නැවත සකස් කිරීම මෙන්ම ප්‍රවේශය පිළිබඳ සලකා බැලීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඒ, අනුව අද රැස්වන විධායක කමිටුව මඟින් ශ්‍රී ලංකාවට ලබාදෙන ඇමරිකානු ඩොලර් මිලියන 330ක දෙවන ණය වාරිකය මුදාහැරීම පිළිබඳ තීරණයකට එළඹීමට නියමිතයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 2.9ක ණය ආධාරයක් ලබාදීමට තීරණය කළ අතර, එහි පළමු වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 330ක ණය මුදලක් මීට පෙර හිමි වුණා.

මේ අතර වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුම් ඉලක්ක සපුරා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මේ වනවිට අත් කරගෙන ඇති ප්‍රගතියේ විනිවිධ භාවය ඉහළ ගොස් ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23
Video thumbnail
නිවැරදිකරුවන් වෙන්නේ වසරක් විතර හිරේ හිටියට පස්සේ..බන්ධනාගාරයෙ බරපතළ පුරප්පාඩු තියෙනවා
03:09
Video thumbnail
විනිසුරුවන්ට අල්ලස් දීමක්ද මේ කරන්නේ ? විනිසුරු විශ්‍රාම වයස ඉහළ යවනවද ?
04:51
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ අමුතු ප්‍රශ්නයක් නිසා නලින්දට හොඳටම හිනා
05:30
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32