IMF ගිවිසුමේ පාදම අඩු වැඩි කරගැනීමත්; ඩිජිටල්කරණය වූ ස්ථාවර ආර්ථිකයක් ඇති කරලීමත් අපේ අරමුණයි – සජබෙ ප්‍රතිපත්ති ප්‍රකාශන‍ය

‘සැමට ජයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශනය යටතේ ශ්‍රී ලාංකික ජනතාවට දූෂණ, වංචාවලින් තොර ශක්තිමත් ආර්ථික පද්ධතියක් කරා ගමන් කිරීමට අවශ්‍ය සෑම පියවරක් ම හඳුන්වාදී ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්‍ය හර්ෂ ද සිල්වා පවසනවා.

අද (29) පස්වරුවේ සමගි ජන සන්ධානය රැස් වී ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රධාන අංශ පිළිබඳ ව සිදු කළ විග්‍රහයේ දීයි මේ බව අනාවරණය කෙරුණේ.

පළමුකොට රටේ කෘෂි කර්මාන්තය, කර්මාන්ත සහ සේවා යන ත්‍රිත්ත්ව අංශයන් ම ඩිජිටල්කරණය තුළින් ආර්ථික ස්ථාවරත්වයකට රැගෙන යාම සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ අභිප්‍රාය බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

ගොවි ප්‍රජාවට ‘ගොවි ඥාන සේවා’ ඩිජිටල්කරණය හඳුන්වා දීම මෙහි ප්‍රමුඛ අංගයක් බවයි හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ.

එමෙන්ම සෑම රාජ්‍ය හා පෞද්ගලික ආයතනයක ම දීර්ඝ කාලීන පැවැත්ම උදෙසා ආයතනික විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමට අවශ්‍ය ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවන බව ද සමගි ජන සන්ධානය වැඩිදුරටත් පැවසුවා.

රටේ ආර්ථිකය ස්ථාවරභාවයෙන් තබා ගත යුතු වුව ද, ඉන් ඔබ්බට ගමන් කරමින් සාර්ව ආර්ථික න්‍යාය යටතේ පොලී අනුපාතිකය දෝලනය නොවී රඳවා තබා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බවයි මන්ත්‍රී හර්ෂ කියා සිටියේ.

උද්ධමනය දිනෙන් දින වෙනස් වන අගයක නොතබා, එය තනි අගයක තබා ගැනීමට කටයුතු කිරීමත්, විදේශ විනිමය ස්ථාවර ව තබා ගැනීමත් අවශ්‍ය බව ද හෙතෙම පෙන්වා දුන්නා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින එකඟතාව ඉදිරියට රැගෙන යමින්, ද්විපාර්ශ්වීය ණයහිමි සහ වාණිජ ණයහිමියන් සමග මෙතෙක් අත්සන් නොකර ඇති ගිවිසුම වෙනස් කර ගැනීමටත්, එය රටට හිතකර අයුරින් ගිවිසුමේ පාදම ණය තිරසරකරණයේ විශ්ලේෂකරණයට පත් කිරීමත් සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අර්ථි නිරූපණය බවයි ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩිදුරටත් කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39