ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාප අධ්‍යක්ෂ චැනයොන් රී මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳ සිදුකළ සමාලෝචනයේ ප්‍රතිඵල ජනාධිපතිවරයාට දැනුම් දීම මෙම හමුවේ අරමුණ බව වාර්තා වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ඊයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡාවක නිරත වුණා.
ආර්ථික වශයෙන් අර්බුදයකට මුහුණ දී ඇති ශ්‍රී ලංකා රජය මෙතෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍ය සහය සඳහා ඉල්ලීමක් කර නොමැති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1