ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සදාතනික විශිෂ්ටයින්ට පිරිනමන ICC හෝල් ඔෆ් ෆේම් ගරු ඇගයීමට ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම පිතිකරුවා ලෙස සැලකෙන අරවින්ද ද සිල්වා නම්කර තිබෙනවා.
නොවැම්බර් 14 වනදා ඉන්දියාවේ මුම්බායි හිදී අරවින්ද ද සිල්වාට හෝල් ඔෆ් ෆේම් ගරු නාමකරණය ලබාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඒ, අනුව අරවින්ද ද සිල්වා අයි.සී.සීය මඟින් පිරිනමන මෙම ගරු නාමකරණයෙන් පිදුම් ලැබූ සිව්වන ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත් වෙනවා.
මීට පෙර මුත්තයියා මුරලිදරන්, කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන මෙම ගරු නාමකරණයෙන් පිදුම් ලැබුවා.
අරවින්ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදී වසර විස්සකට පසු අයි.සී.සී හෝල් ඔෆ් ෆේම් විශිෂ්ටයෙකු ලෙස නම්කර තිබීම විශේෂත්වයක්.














Congratulations
HALL OF FAME KALIN ARAN THIYENNE ARA TA WADA GODAK JUNIOR PLAYERS LA, MURALI WITHARAYI ARA AWITH AWURUDU 6 KATA PASSE APU KENA, ANITH AYA. SANGA MAHELA AWE ARA AWITH AWURUDU 10 1 PASSE. DAN EKEN ARA TA ATHI WEDAK NAHE. KENT GAHALA UTHURANNA SALLI THIYENAWA, KOHOMA ARA UPATHINMA GODAK DHANAWATH KENEK OYA KATATH WADA. APE SADHATHANLA CRICKET WEERAYINGEN IHALIN MA INNA KENEK ARA.
ARA ENNEMA 2ND DOWN SITA 4TH DOWN DAKWA. OUT WELA YANA EKA HO KISIMA EKEK EKKA KATHAWAK NAHE. MUNA BALANNETH NAHE. KELIN BALAGENA ORAWAGENA HO BMA BALAGENA ENNE. ARA USIN ADUYI. APU HATIYE BAOLWER DANNE URAHISATA HO HISATA UDIN YANA BOUNCER PANDHUWAK. ARA WIDHULI WEGEN HISA WATEYI BA EKA KARAKAWANAWA KATA UL KARAGENA, WANANAWA PENNETH NAHE, ANIWA EKA UDINMA GIYA 6K, GODAK WELAWATA EKA PAVILLION EKENUTH ELIYE, NATHINAM 4K AYETH EKAMA DANAWA EYAGE HURUPURUDU HOOK SHOT EKA GAHANAWA UDA PENALA HISA WATEYI BAT EKA KARAKAWALA KATATH UL KARAGENA. OUT EKEN WIKSHIPTHAWELA INNA PREKSHAKAYO KSHANIKAWAMA SATHUTIN KEGAHANAWA. ANE EHEMA KALAYAK AYE KAWADHA EYI DHA.