ICC වරෙන්තුව නොතකා පුටින් මොංගෝලියාවට

ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) විසින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කිරීමෙන් පසුව ද රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඔහුගේ පළමු සංචාරය ආරම්භ කරමින් මොංගෝලියාවට පැමිණ තිබෙනවා.

අද (03) දිනයේ දී මොංගෝලියාවේ අගනුවර වන උලාන්බතාර් හි පැවති අති උත්කර්ෂවත් උත්සවයක දී එරට නායකයා විසින් ඔහුව පිළිගනු ලැබුවා.

යුක්‍රේන දරුවන් නීතිවිරෝධී ලෙස පිටුවහල් කිරීම සම්බන්ධයෙන් රුසියානු නායකයාට මෙලෙස වරෙන්තුවක් නිකුත්කර තිබෙනවා. .

ක්‍රෙම්ලිනයේ ප්‍රකාශකයෙකු පවසන්නේ, සංචාරය අතරතුර පුටින් ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම ගැන සැලකිලිමත් නොවන බවයි.

මොංගෝලියාවට පැමිණි රුසියානු නායකයා පිළිගැනීම සඳහා සජීවී සංගීත කණ්ඩායමක් විසින් සටන් ගීත වාදනය කරන විට අශ්වාරෝහක සෙබළුන් අගනුවර ජෙන්ගිස් ඛාන් චතුරශ්‍රයේ පෙළ ගැසී සිටියා.

මේ අතර ඊයේ (02) පස්වරුවේ දී විරෝධතාකරුවන් සුළු පිරිසක් “යුද අපරාධකරු පුටින් මෙතැනින් ඉවත් කරන්න” යනුවෙන් බල කරමින් පුවරුවක් අතැතිව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14