ICC නවතම ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුව නිකුත් වෙයි

ICC විසින් ක්‍රීඩකයින් සහ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමට අදාළ නවතම ලැයිස්තු එළිදක්වා තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මහීෂ් තීක්ෂණ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග සඳහා පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ ඉදිරියට පැමිණීමට සමත් වී තිබෙන අතර විස්සයි විස්ස පන්දු යවන්නන් අතුරින් 08වන ස්ථානය හිමිකරගෙන සිටිනවා.7වන ස්ථානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන්නා වන වනිඳු හසරංග රැදී සිටිනවා.

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 6 වැනි ස්ථානයට පැමිණ තිබෙනවා