ICC කාන්තා එක්දින කණ්ඩායම් නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 07 වැනි තැනට

ICC කාන්තා එක්දින කණ්ඩායම් හි නවතම ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුව නිකුත් කර තිබෙනවා.

එම යාවත්කාලීන කිරීම් අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හිමි ව ඇත්තේ 07 වැනි ස්ථානයයි.

ඒ එක්දින තරග 14ක දී ප්‍රසාද ලකුණු 1183ක් ලබා ගැනීමේ ප්‍රවණතාව හේතුවෙන්.

මෙම ලැයිස්තුවේ පළමු තැන ඔස්ට්‍රෙලියා කාන්තා කණ්ඩායමට හිමි ව තිබෙනවා.

එංගලන්තය සහ ඉන්දියාව කාන්තා එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි පිළිවෙළින් දෙවැනි හා තුන්වැනි ස්ථානයට පත් ව ඇති අයුරු දැකිය හැකියි.