ICC ඔක්තෝබර් මාසයේ කාන්තා ක්‍රීඩිකාව තුන් ඉරියව් ක්‍රීඩිකාවකට

ICC විසින් ප්‍රකාශයට පත් කරනු ලබන මෙම වසරේ ඔක්තෝබර් මාසයේ ක්‍රීඩිකාව ලෙස නවසීලන්තයේ තුන් ඉරියව් ක්‍රීඩිකා අමේලි‍යා කර් (Amelia Kerr) සම්මානයට පාත්‍ර වී තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කළේ; පසුගිය පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයේ දී නවසීලන්ත ක්‍රීඩිකා Kerr දැක්වූ දක්ෂතාව මීට හේතුව වී ඇති බවයි.

කර් සමග දකුණු අප්‍රිකාවේ නායිකා ලෝරා වොල්වාඩ්ට් සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකා ඩීන්ඩ්‍රා ඩොටින් ද මෙම සම්මානයට නිර්දේශ වී තිබුණා.

නවසීලන්ත ක්‍රීඩිකාවන් පළමු වරට ක්‍රිකට් ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමට කර්ගේ දායකත්වය ඔක්තෝබර් මාසය පුරා ම කැපී පෙනෙනෙ දායකත්වයක් දැක්වූවා.

ඇය ලෝක කුසලානය (20-20) අවසන් මහා තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා යන සම්මාන ද්විත්වයම දිනාගනු ලැබුවා.

Kerr ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ද පැවති නවසීලන්ත – ඉන්දීය සංචාරයේ දී ද සුපුරුදු දස්කම් අතරට පැමිණියා.

Amelia Kerr පන්දුවාර 20 තරග 85කට ක්‍රීඩා කරමින් ලබා ඇති මුළු ලකුණු සංඛ්‍යාව 1296ක්.

එහිදී ඇය ලබාගත් ඉහළතම ලකුණු සංඛ්‍යාව වනුයේ නොදැවී ලකුණු 70ක්.

ඊට අමතරව ඇය අර්ධ ශතක තුනක් ලබාගෙන කඩුලු 93ක් බිඳ දැමීමට සමත් ව සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17