Empty Ad
AFC Banner
AFC Banner

ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි කමිඳු, ධනා හා චන්දිට උසස්වීම් – ජැන්සන්ගෙන් වේගවත් පිම්මක්

ජාත්‍යන්තර ටෙස්ට් කණ්ඩායම්, පිතිකරුවන්, පන්දු යවන්නන් සහ හොඳම ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුව නිකුත් කර තිබෙනවා.

ඊයේ (03) රාත්‍රියේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම යාවත්කාලීන කිරීම් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව 2024 දෙසැම්බර් 03 වැනි දින වන විට ලොව සිටින හොඳම ටෙස්ට් කණ්ඩායම බවට සුපුරුදු පරිදි ඔස්ට්‍රෙලියාව පත් ව සිටිනවා.

දෙවැනි ස්ථානය ඉන්දියාවට සහ තෙවැනි ස්ථානය හිමිව ඇත්තේ දකුණු අප්‍රිකාවටයි.

ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ එහි සයවැනි ස්ථානයයි.

එමෙන්ම ටෙස්ට් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ හොඳම ටෙස්ට් පිතිකරුවන් අතර මුල් දසදෙනා අතර ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් සමත් ව සිටිනවා.

ඔහු ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ ඇත්තේ සිය ස්ථානය 07 බවට පත් කරගනිමින්.

එංගලන්තයේ ජෝයි රූට් තවමත් මුදුනා ව සිටින අතර හැරී බෘක් ස්ථාන 02ක් පසුකර දෙවැනි ස්ථානය දක්වා පැමිණීමට සමත් ව සිටිනවා.

එමෙන්ම දකුණු අප්‍රිකාවේ නායක ටෙම්බා බවුමා ද පසුගියදා නිමාවට පත් වූ ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දී පිතිකරණයෙන් දැක්වූ කුසලතාව මත ස්ථාන 14කින් ඉහළට පැමිණ ඇත්තේ දසවැනියා බවට පත්වෙමින්.

ධනංජය ද සිල්වා එක් ස්ථානයකින් ඉහළට පැමිණ ඇත්තේ සිය ස්ථානය 15 බවට පත් කරගනිමින් වන අතර දිනේෂ් චන්දිමාල් ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණෙමින් ටෙස්ට් පිතිකරණ ලැයිස්තුවේ 17 වැනියා බවට පත්ව සිටිනවා.

මේ අතර ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කි‍රීම් හි දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක මාර්කෝ ජැන්සන් විශිෂ්ට ප්‍රගතියක් ලබා තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාවට එරෙහිව ඩර්බන් හිදී දැක්වූ දක්ෂතාව හේතුවෙන්.

ජැන්සන් ස්ථාන 10කින් ඉදිරියට එමින් හොඳම ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩක ලැයිස්තුවේ දෙවැනියා බවට පත් ව ඇත්තේ ඉන්දියාවේ රවීන්ද්‍ර ජඩේජාට පමණක් පසුපසට එමින්.

එමෙන්ම ජැන්සන් ටෙස්ට් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ ද ස්ථාන 19කින් ඉදිරියට එමින් 09 වැනි ස්ථානයට පත් ව සිටිනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් පන්දු යවන්නන් අතර නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ස්ථාන 03කින් පහතට වැටී ඇත්තේ සිය ස්ථානය 08 බවට පත් කරගනිමින්.

මෙම තුන් ඉරියව් ලැයිස්තුවේ ඇති විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා ටෙස්ට් කිසිදු තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලැයිස්තුවේ මුල් 20 දෙනා අතර හෝ නොවීමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
5
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Breaking News🛑ඩෙංගු ගම්පහ ආක්‍රමණය කරයි - අධි අවධානම් කලාපයක් ?
05:19
Video thumbnail
දුක් මහන්සියෙන් ගන්න ත්‍රී විල් උස්සපු ඩබලක් කොටුවෙයි - උපරිම දඬුවම් ලැබෙන්නම ඕනි
02:18
Video thumbnail
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව - 2024.12.19
00:00
Video thumbnail
වාද්දූව උණුසුම් වෙයි - නිවාස වලට ගල් ගැසූ තරුණයින් පොලිස් දැලේ
04:15
Video thumbnail
13කට දිවි අහිමි කළ හමුදා බෝට්ටුව - වෙලාව ආවොත් යන්නම වෙනවා
01:10
Video thumbnail
ජනතාව මහන්සිවෙලා පාර්ලිමේන්තු යැව්වේ පට්ටම් ගැන සාකච්ඡා කරන්න නෙවෙයි - ෆයිසර් හොඳට දෙසයි
13:50
Video thumbnail
දෙමව්පියන් විදියට දැනගත යුතුම දෙයක්
08:32
Video thumbnail
හිරුණිකා ඇඬු කඳුලින් මාධ්‍යට සියල්ල හෙළි කරයි - "මාව මොන විදියට වට්ටන්න හැදුවත් මාව වට්ටන්න බෑ"
24:45
Video thumbnail
බොරු අධ්‍යාපන සුදුසුකම් පෙන්වූ ගුරුවරු 14කට වැඩ වරදී
07:01
Video thumbnail
ජනපති අනුරට උපදෙස් ඔයාගෙන් එපා - හොඳට අහන්න මොනවද මේ කියවන්නේ කියලා
04:54

?