GPS තාක්ෂණය යොදාගෙන මගී ප්‍රවාහන කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට අවධානය

GPS තාක්ෂණය යොදාගනිමින් මගී ප්‍රවාහන කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුව තිබෙනවා.

මෙහිදී I3 CUBE ආයතනය හඳුන්වා දුන් පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා පවතින අඩුපාඩුවවන බො‍හෝ ලංගම බස් රථවල GPS උපකරණ සවිකර නොතිබීම සහ නිම්බස් ආයතනය මගින් බස්නාහිර පළාත් සභාවට හදුන්වා දී ඇති මගී ප්‍රවාහන කළමනාකරණ පද්ධතියේ කඩවත කේන්ද්‍ර කරගත් මාර්ග 12ක බස් රථ 135ක් යොදාගෙන සිදුකරන ලද නියමු ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක වීමත් සම්බන්ධයෙන් ද පසුගියදා (11) රැස් වූ කාරක සභාවේ විශේෂ අවධානය යොමුව ඇති බව සඳහන්.

I3 CUBE ආයතනය පෙන්වා දුන්නේ ඔවුන් හඳුන්වා දී ඇති පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දත්ත ලංගම බස් රථවලින් නොලැබෙන බවයි.

එම පද්ධතිය ක්‍රියාත්මක කිරීමට, එක් මාර්ගයක් සඳහා‍ අවම වශයෙන් පවතින ප්‍රමාණයෙන් 70%ක පමණවත් දත්ත අවශ්‍ය වනවා.

එමෙන්ම මෙහිදී නිම්බස් ආයතනය පෙන්වා දුන්නේ ඔවුන් සකස් කරන ලද පද්ධතිය මේ වන විට කඩවත කේන්ද්‍ර කර ගෙන පවතින මාර්ග 12 ක ධාවනය වන බස් රථ 135ක් සඳහා සාර්ථකව ක්‍රියාත්මක වන බවයි.

මේ අනුව මෙම තාක්ෂණික ක්‍රම දෙක පිළිබඳව අවධානය යොමු කිරීමෙන් අනතුරුව කාරක සභාව පෙන්වා දුන්නේ මෙම ක්‍රමවේදයන් දෙකම ඉතා සාර්ථක නමුත් මේවා ක්‍රියාත්මක කිරීමේ ගැටළු නිරීක්ෂණය වන බවයි.

මේ නිසා නිම්බස් ආයතනය හඳුන්වා දී ඇති තාක්ෂණික ක්‍රමවේදය ආදායම් උත්පාදන ක්‍රම ආදිය පිළිබඳව අවශ්‍ය පාර්ශව සමඟ සාකච්ඡා කොට කමිටුව දැනුවත් කිරීමට සහ ලංගම බස් රථ සඳහා‍ GPS සවි කිරීම කඩිනම් කොට I3 CUBE ආයතනය හඳුන්වා දී ඇති පද්ධතිය ක්‍රියාත්මක කිරීමට ද කමිටුව විසින් නිර්දේශ කර තිබෙනවා.

එමෙන්ම මේ පිළිබඳව අවශ්‍ය තීරණ ගැනීම සඳහා සති 03ක් ඇතුළත මෙම කාරක සභාව නැවත රැස්වීමට තීරණය කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14