spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

Gmail ගිණුම් මිලියන ගණනක් මකා දැමීම Google මෙහෙයුම අද සිට

අක්‍රීයව පවතින Gmail ගිණුම් මකා දැමීම අද (01) සිට ආරම්භ කරන බව ගූගල් සමාගම පවසනවා.

ඒ, අනුව මිලියන ගණනක් පරිශීලකයින්ගේ ක්‍රියාකාරී නොවන Gmail ගිණුම් මකාදැමීම මෙහිදී සිදුවනු ඇති.

ගූගල් සමාගම පවසන ආකාරයට පසුගිය වසර දෙක තුළ භාවිත නොකරන ලද Gmail ගිණුම් සිය දත්ත පද්ධතියෙන් ඉවත් කිරීමට නියමිතයි.

මෙලෙස Gmail ගිණුම් මකා දැමීමට පෙර ඒවායේ හිමිකරුවන්ට දැනුම්දීම් කිහිපයක් යැවීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඒ, අනුව එලෙස අක්‍රීයව පවතින Gmail ගිණුම් යළි සක්‍රීය කර ගැනීමට ගූගල් සමාගම විසින් කාලයක් ලබාදීමට ද සැලසුම් කර ඇති බවයි එම සමාගම සඳහන් කළේ.

වංචාකරුවන්ගෙන් පරිශීලකයින්ගේ තොරතුරු ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙලෙස අක්‍රීයව පවතින Gmail ගිණුම් මකා දැමීමේ තීරණය ගූගල් සමාගම ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
0
+1
6
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?