ජනපති සහ ජපාන අගමැති අතර ද්වීපාර්ශවික සාකච්ඡා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ජපානයේදී ජපාන අග්‍රාමාත්‍ය ෆුමිඕ කිෂිඩා මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා සිදු කර තිබෙනවා.

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජපානය ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී සිය ප්‍රසාදය පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

මේ අතර බෙදීම් ප්‍රතික්ෂේප කිරීමටත් ආර්ථික ඔරොත්තුදීම් සහ සුරක්ෂිතතාවය සඳහා උපාය මාර්ග වෙනුවෙන් හිරෝෂිමා හිදී ජී7 නායකයන් ගත් තීරණ පිළිබඳ ශ්‍රී ලංකාව සිය ප්‍රසාදය පළ කරනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ජී7 කණ්ඩායම සංවර්ධනය වෙමින් පවතින රටවල් ඇතුළු ගෝලීය හවුල්කරුවන් සමඟ සංවාදයේ යෙදීමට සහ සහයෝගීතා ප්‍රවේශයක් අනුගමනය කිරීමට තීරණය කර ඇති බවයි.

ඒ සඳහා ලෝක වෙළෙඳ සංවිධානයෙහි නීති-පාදක බහුපාර්ශ්වික වෙළඳ ක්‍රමය අනුගමනය කිරීම සුදුසු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය යසුඕ ෆුකුඩා සහ ජපාන – ශ්‍රී ලංකා සංගමය විසින් ටෝකියෝ නුවරදී පැවැත්වූ උදෑසන බෝජන සංග්‍රහ හමුවකට සහභාගී වුණා.

එහිදී රටේ ආර්ථික ප්‍රකෘතිය පිළිබඳව කරුණු දැක්වූ ජනාධිපතිවරයා යළි මෙරටට පැමිණ ආයෝජනය කරන ලෙස ජපානයට ආරාධනා කරනු ලැබුවා.

මේ අතර මෙම ශතවර්ෂයේ මැද භාගය වනවිට මුහුදු ජල මට්ටම ඉහළයාම ආසියා පැසිෆික් කලාපයේ බිලියනයකට ආසන්න ජනතාවකට බලපානු ඇතැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

‘නික්කෙයි’ සමුළුව අමතමින් ඔහු ප්‍රකාශ කළේ දේශගුණික විපර්යාසවලට ගොදුරු වූ රටවල් 15න් 8ක්ම ආසියාවෙන් වීම කණගාටුවට කරුණක් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42