FIFA ලෝක කුසලානයට ගිය එංගලන්ත කණ්ඩායමේ බඩු සොරකම් කරලා

2026 පාපන්දු ලෝක කුසලානයට එක්වීමට ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර රැඳී සිටින එංගලන්ත පාපන්දු කණ්ඩායමේ
ක්‍රීඩකයන්ගේ සපත්තු ඇතුළු භාණ්ඩ තොගයක් සොරාගෙන ඇති බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩා උපාංග ප්‍රවාහනය කරමින් ථිබු ලොරි රථයකින් මෙම භාණ්ඩ සොරාගෙන ඇති බවයි.

ෆ්ලොරිඩාවේ සංචිතයේ පූර්ව තරඟාවලි කඳවුරේ සිට මිසූරි හි ස්වෝප් පාපන්දු ගම්මානයේ ඔවුන්ගේ පුහුණු කඳවුරට උපකරණ ප්‍රවාහනය කරමින් සිටිය දී මෙම සොරකම සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

නිල තරඟාවලි බෝල සහ පුහුණු උපකරණ සමඟ එංගලන්තයේ තරු ක්‍රීඩකයින්ට අයත් සපත්තු මෙලෙස සොරකම් කරන ලද භාණ්ඩ අතර ඇති බව වාර්තා වනවා.

මෙම සොරකම පිළිබඳව ලොස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වී පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ආරක්ෂාව ඉහළම මට්ටමක පවතින ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වෙන වටපිටාවක ඇමරිකාව වැනි රටක් තුළ මෙවැනි සොරකමක් සිදුවීම පිළිබදව පාපන්දු ලෝලීන්ගේ දැඩි අවදානයක් යොමුව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27