Facebook සමාගමෙන් නිවේදනයක්

තම ෆේස් බුක් ගිණුමේ මිතුරෙක් නොවන අයෙකුගේ ෆේස්බුක් පිටුවක් නැරඹීමත් සමග ස්වයංක්‍රීයව එම පුද්ගලයාට මිතුරු ඇරයුමක් යාමේ දෝෂය නිරාකරණය කර ඇතැයි ෆේස්බුක් සමාගම පවසනවා.

මෙම දෝෂය සම්බන්ධයෙන් ෆේස්බුක් ග්‍රාහකයින් විශාල පිරිසක් ට්විටර් සමාජ මාධ්‍ය හරහා කරුණු දක්වා තිබූ අතර පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් මෙහිදී මතවාදයක් නිර්මාණය වී තිබුණා.

ඇන්ඩ්‍රොයිඩ් අධිකාරියේ වාර්තාවකට අනුව, ෆේස් බුක් පරිශීලකයන් යමෙකුගේ profile එකකට පිවිසෙන විට ඔවුන් ස්වයංක්‍රීයව එම පුද්ගලයාට මිතුරු ඉල්ලීමක් යැවීම මෙම දෝෂය හේතුවෙන් ස්වයංක්‍රීයව සිදු කෙරුණා.

පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය සහ සමාගමේ පාලනය අවදානමට ලක් වූ අවස්ථාවක් ලෙස සැලකෙන මෙම ගැටළුව වන් සමාජ මාධ්‍යවල ද අවධානයට ලක් වුණා.

ෆේස්බුක් සමගම මෙම දෝෂය ඉක්මනින් නිවැරදි කළ අතර සේවා යථා තත්ත්වයට පත් වී ඇති බවයි සඳහන් වන්නේ.

“අපි Facebook මිතුරු ඉල්ලීම් වැරදි ලෙස යැවීමට හේතු වූ මෑත කාලීන යෙදුම් යාවත්කාලීනයකට අදාළ දෝෂයක් නිවැරදි කළෙමු. අපි මෙය සිදුවීම නැවැත්වූ අතර මෙයින් සිදු විය හැකි යම් අපහසුතාවයක් සඳහා අපි සමාව අයදිමු,” යනුවෙන් ෆේස්බුක් සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36