කසිප්පුකාරයින්ට අනුකම්පාව ඉල්ලූ අරුන්දිකට එරික් රිදෙන්න කියයි

වෙන්නනප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාට ස්ථානමාරුවක් ලබා දීම ගැන මේ වන විට සමාජයේ ප්‍රබල කතාබහක් ඇතිවෙලා තියෙනවා.

අන්තරයාක මත්ද්‍රව්‍ය බහුල වීම හේතුවෙන් රතු සෝන් එකක් ලෙස නම් කර ඇති වෙන්නපුව කොල සෝන් එකක් කරන බවට සපත කළ සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරාට පසුගිය 21 වැනි දින මෙම ස්තාන මාරුව ලබා දී තිබුණා.

වෙන්නප්පුව ගිලගෙන ඇති මහා පරිමාන කසිප්පු ව්‍යාපාරයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීම නිසා දේශපාලන අධිකාරියේ උදහසට ලක්වීම මෙම මාරුවට හේතුව විය හැකි බව ප්‍රදේශවාසීන් පවසනවා.

කසිප්පු ව්‍යාපාරිකයින් හා ඩීල් දමා ගත් එක්තරා රාජ්‍ය අමාත්‍යවරයකුගේ ප්‍රබල බලපෑම මත පොලිස් අධිකාරීවරයාට මෙම ස්ථාන මාරුව ලබා දී ඇතිබවට මේ වන විට සමාජ මාධ්‍ය තුළ පුළුල් ලෙස කතා බහ වෙනවා.

මෙවන් පසුබිමක 2020 පෙබරවාරි මාසයේ වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරන රැස් වීමේදී ප්‍රදේශයේ කසිප්පු ජාවාරම මැඩලීම පිළිබද එරික් පෙරේරා මහතා කළ කතාවක හඩ පටයක් අපට ලැබී තිබෙනවා.

මෙම හඩ පටයේ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ද අදහස් දක්වන අතර මහාපරිමානයෙන් කිසිප්පු ජාවාරම කරන අය සම්පූර්ණයෙන් නතර කිරීමේ කිසි ප්‍රශ්නයක් නැති නමුත් කුඩාවට කරන අයට ඔවුන් කුමක් හෝ විකල්පයක් හදුන්වා දෙන තුරු සානුකම්පිතව බලා සහනයක් සලසන ලෙස එරික් පෙරේරා මහතාගෙන් ඉල්ලා සිටිනවා.

එහිදී ඇමැතිවරයාට පිළිතුරු දෙන සහකාර පොලිස් අධිකාරී වරයා මෙසේ පවසනවා.
‘‘ගරු ඇමැතිතුමනි රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව අපිට කසිප්පු ව්‍යාපාරය ස්වයං රැකියාවක් කරන්න බෑ. නීතියෙන් ඒක කරන්න අමාරුයි. මොකද මේක කැටගරයිස් කරන්න අමාරුයි මෙයා මහාපරිමාන කෙනා මෙයා අඩු කෙනා, මෙයාට අනුකම්පා කරන්න ඕන කියලා තීරණය කරන්න ගියොත් ඒ වාසිය සියලු දෙනා ලබා ගන්නවා‘‘

මෙහිදී සහකාර පොලිස් අධිකාරීවරයාගේ කතාවට ජනතාව අත්පොලසන් දෙන අතර තමන් වෙන්නප්පුවෙන් කසිප්පු අතුගා දමන බවටද මෙහිදී සහකාර පොලිස් අධිකාරිවරයා ප්‍රතිඥා දෙනවා.

කෙසේ වෙතත් මේ වන විට එම නිලධාරියා මාරු කර යවා ඇති අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර කියන්නේ එම නිලධාරියා වැඩක් කරන්න පුලුවන් නිලධාරියෙක් වුවත් වෙනත් හේතුවක් නිසා ඔහු මාරු කර යැවූ බවයි.

එරික් පෙරොරාට සිදු වූ දේ ගැන දැන ගන්න සම්පූර්ණ කතාව පහත හඩපටයන් සවන් දෙන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03